මින් ඉදිරියට තමා මෙවැනි වැඩසටහන්වලට සහභාගි වන්නේ නැතැයි ස්‌වර්ණවාහිනියේ මෙගා ස්‌ටාර් වැඩසටහනින් දෙවැනි තැන ගත් කුරුණෑගල දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරනවා.
"මේ රටේ ජනතාව දේශපාලනයට වඩා කලාවට දක්‌වන ආදරය මෙගා ස්‌ටාර් වැඩසටහනින් මැනවින් තහවුරු වුණා. මම තේරුම් ගත්තා මින් ඉදිරියට මම මෙවැනි වැඩසටහන්වලට සහභාගි වන්නේ නැහැ කියලා."
"මම මෙම තරගයෙන් දෙවැනි ස්‌ථානය ගත්තා කියලා කනගාටු වෙන්නේ නැහැ.මම කරන දේශපාලනය අනුවත් මම කලාවට සම්බන්ධ වීමත් අනුව මේ රටේ ජනතාව කලාව ඉතාමත් අගය කර තිබෙනවා. මේ වැඩසටහනිsන් එය පෙනීයනවා. මමත් කලාවට ආදරෙයි. ඒත් මින් ඉදිරියට මේ වගේ වැඩසටහන්වලට එන්නේ නැහැ."
Post a Comment
Your comment will be visible after approval