මෙගා ස්ටාර් අවසන් තරගයේ අවසානයේ සිදු වූ කලහකාරී තත්වය නිසා ස්වර්ණනවාහිනියට හදිසියේම සිය විකාශන කටයුතු නතර කිරීමට සිදු විය. මේ ඉන් පසු සිදු වු දෑයි.
මේ අතරේ අවසන් තරගයේ සිදුවූ මෙම සිදු වීම පිළිබද කිසිම සදහනක් ස්වර්ණවාහිනිය විසින් තවමත් සිදු කර නැහැ.ඔවුන් තරගයට එල්ලවන චෝදනා දිගින් දිගට ප්‍රතික්ෂේප කරනු ලබනවා.
අපිට අලාභයක් වුනේ නෑ- බුද්ධික කුලසේකර
"මෙය එස්.එම්.එස් වැඩ සටහනක්.පළමුවැනි දෙවැනි තුන්වැනි හා සිව්වැනියා වශයෙන් ජයග්‍රාහකයන් තේරුවා.මෙතෙක් කවුරුත් නොදුන් තෑගි මුදල් සම්භාරයක් ඔවුන්ට ප්‍රදානය කරලා අඩුවක් නොවෙන්න වැඩේ කළා.අනෙක් කිසිදු සිදුවිමක් සමිබන්ධයෙන් අප වගකීමක් දරන්නේ නෑ.අපට කිසිම අලාභයක් වෙලත් නෑ. "
මෙගා ස්ටාර් අවසාන මහා තරගයෙන් කුරුණෑගල එ.ජා.ප. දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට ජයග්‍රහණය නොලැබීම නිසා කෝපයට පත් ප්‍රේක්‍ෂක පිරිසක් කලහකාරී ලෙස හැසුරුණුද තරගයේ නියම දිනුම්කරු අජිත් වීරසිංහ මහතා බව ස්වර්ණවාහිනීය පවසයි.
තරගයේ ජයග්‍රාහකයා තේරීම සිදු වූයේ එස්. එම්. එස්. පණිවිඩ මගින් ප්‍රේක්‍ෂකයන් දැක්‌වූ ප්‍රතිචාරවලට අනුව බවත් කිසිදු අක්‍රමිකතාවක් සිදුනොවූ බවත් එස්. එම්. එස්. ඡන්ද ගණනය කිරීමේදී ස්‌වර්ණවාහිනිය අනිසි ආකාරයකින් මැදිහත්වීමක් කර ඇති බවට එල්ල කරන චෝදනාවේ කිසිදු සත්‍යයක් නැතැයිද කුලසේකර මහතා කීය.
ස්වර්ණවාහිනී facebook ෆෑන් පේජ් එක නැති වෙලාලු
අවසාන විනිශ්චය දැනගනිමෙන් කෝපයට පත් ජනතාව ස්වර්ණවාහිනී facebook ෆෑන් පේජ් එකෙහි ස්වර්ණවාහිනීයට බැන වදිමින් නොයෙකුත් දේ සදහන් කලහ නමුත් ඊයේ දිනයේදි හදිසියෙම ෆෑන් පේජ් එක අතුරුදහන් වී තිබේ
(ඒවා බලන්න මෙතනින්)
Post a Comment
Your comment will be visible after approval