Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

මෑතකදී අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න ප්‍රකාශ කොට සිටියේ රුපියල් මිලියන 38 අනුමත කර,මුස්ලිම් නීති ශාලා 58 ක් රට පුරා ඉදිකිරීමට යන බවයි. 


මේ සමගම බොහෝ දෙනෙකුගේ මතය වුයේ මුස්ලිම් නීති ශාලා ඉදිකිරීම ලංකාව තුල ශරියා නීතිය ආරම්භ විමේ මුල් පියවර බවයි.එමෙන්ම මේ සම්බන්දව විවද මතබේද පවා ගොඩ නැගෙන්න විය.


 මුස්ලිම් ශරියා නීතිය යනු මුස්ලිම් අධිකරණ මගින් නියම කරන්නා වූ ඉතාමත් දරුණු දඩුවම් (අත් පා කපා ඉවත් කිරීම, ප්‍රසිද්ධියේ කස පහර ගැසීම, ප්‍රසිද්ධියේ උල තැබීම, ප්‍රසිද්ධියේ වරදකරුගෙ බෙල්ල ඉතා සෙමින් වෙන් වෙන තෙක් කපා දැමීම,සියල්ල රැස් වී ඇති තැන බිම හොවා හිසට වෙඩි තබා මර දැමීම, ගල් ගසා මරා දැමීම ) ඇතුලත් නිතියකි.


ඒ නිසාම මේ සම්බන්ධව නිතිමය කරුණු දැනගැනීමට අප වෘත්තිය නීතිඥවරයෙක් වන තනුජ කේ. ජයසුන්දර මහතාගෙන් මේ පිලිබදව විමසා සිටියා. මේ ඔහුගේ පිළිතුරයි.



ලංකාව තුල ක්‍රියාත්මක වන මුස්ලිම් නිතිය සංගෘහිත එකක්. ඔවුන්ගේ සමිපුර්ණ නිති පද්ධතිය අන් මුස්ලිම් රට වල ක්‍රියාත්මක වන ආකාරයෙන් ලංකාවෙ ක්‍රියාත්මක කිරිමට හැකියාවක් නොමැත.

මුස්ලිම් නිතිය බොහෝවිට බලාත්මක වන්නේ  කසාද දික්කසාද, නඩත්තු අනුප්‍රාප්තිය ආදි කරැණු සමිබන්ධයෙන් එනමි සිවිල් නඩු කටයුතු සමිබන්ධයෙන් පමණි.

එසේ වුවත් මුස්ලිමි අයෙකුට වුවත් තම විශේෂ නිති පද්ධතිය හැර දමා රටෙ සාමාණ්‍ය නිතියෙන් පාලනය වෙන්න අවකාශ තියෙනවා.

ශ්‍රි ලංකාව තුල අපරාධ සදහා දඩුවම් නියම කර ඇත්තේ දණ්ඩ නිති සංග්‍රහයේයි. වරදවල් හා ඒ සදහා දඩුවමි ඇත්තේ එහියි. මිට අමතරව තව වෙන වෙන පනත් වල ඒ පනත මගින්ම දඩුවමි දක්වලා තියෙනවා.  එබැවින් අපරාධ සමිබන්ධයෙන් ශ්‍රි ලංකාව තුල මුස්ලිම් නිතියේ බලාත්මක බවක් නැ. 

මිට අමතරට ශ්‍රි ලංකාව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් ප්‍රඤප්තියේ කොටස් කරැවෙක් වන බැවින් හා, අප නිතියේ කොටසක් ලෙසම කෲර අමානුෂික හා අවමන් සහගත සැලකිමි වලින් නිදහස යන්න ආන්ඩුක්‍රම වි්‍යවස්ථාවෙ හා වදහිංසා වලින් නිදහස් විමෙ පනතේ ඇති බැවින්, එබදු අමානුෂික දඩුවමි ඇති‍විමෙ ඡායාවක් හෝ දැනට නැත.

මුස්ලිම්වරුන්ගේ ඉහතින් කියල ලද ස්වභාවයේ නඩු විමසිමට බලය ඇත්තේ කාති අධිකරණ නමි අධිකරණ වලටයි. ඒවාට දඩුවම් නියම කල නොහැක. ඒවායේ නියෝග බලාත්මක කල හැක්කේ මහේස්ත්‍රාත්අධිකරණ මගිනි.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter