Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

  සිරස සුපර් ස්‌ටාර් වලින් ජනප්‍රියත්වයට පත් තීක්‍ෂණ අනුරාධ යුග දිවියට එලබීමට සුදානම් වනවා.මේ ඒ පිළිබද පළවූ ලිපියක් 



තීක්‍ෂණ, සඳරේණු ගලන ජීවිතය අලුත්වෙන්න යනවා කියන්නේ ඇත්තද?
ඔව්. හෙට මගේ ජීවිතය අලුත්වෙන්න යනවා.

මනමාල කතා කියූ ඒ යුවතිය කවුද?
ඇය අනුරාධිකා රත්නායක. ගම වෙන්නප්පුව. මාව හොඳට තේරුම් ගත්ත යුවතියක්‌.

ඔය පාළු හිතට මනමාල කතා ඇවිදින් කොච්චර කල්ද ?
දැනට අවුරුදු හතරකුත් මාස ගණනක්‌ වෙනවා.

අනුරාධිකාව කොහෙදිද මුලින්ම හමුවුණේ ?
මම ඉස්‌සර යූත් ඔකෙස්‌ට්‍රා එකට පන්ති ආවා. අනුරාධිකාත් එතැන හඬ කැවීමේ පන්තියකට ආවා. එතැනදී තමයි ඇයව මට හමුවුණේ.


ඇයව දැක්‌ක මුල්ම දවසේ මොකද හිතුණේ ?
මුල් දවස්‌වල විශේෂයක්‌ තිබුණේ නැහැ. නමුත් ආශ්‍රය කරද්දී හිතුණා මිතුරියකට වඩා හොඳ සම්බන්ධයක්‌ පවත්වන්න පුළුවන් කෙනෙක්‌ කියලා.

කවුද තීක්‍ෂණද මුලින්ම ආදර යෝජනාව ගෙනආවේ ?
ඇත්ටම මම. අනුරාධිකා ටිකක්‌ ආඩම්බරයි. මටත් හිතුණේ නැහැ එක පාරටම ආදරෙයිද කියලා අහන්න. මොකද මම ඒ දවස්‌වල සුපර් ස්‌ටාර් නිසා ජනප්‍රිය වෙලයි හිටියෙ. ඒක හින්දා වෙලාවකට හිතුණා ඇයි මම මේ කෙල්ලට සෙකන්ඩ් වෙන්නෙ කියලත්. 

 අනුරාධිකා එදා දුන්න උත්තරය මොකක්‌ද ?
මුලින්ම ඇහැව්වෙ ඇත්තටමද මේ අහන්නේ කියලා. මාව විහිළුවකට ගත්තද කියලත් ඇහැව්වා.

ඇය ඔබට කැමති වුණේ ?
මුලින්ම ඇය ගැන තිබුණේ මාව මිතුරෙකු විදිහට ඇසුරු කරනවා කියන අදහස. ඇය යාළුවෙකු විදිහට ඇසුරු කළ කාලේ මාව හොඳට තේරුම් අරගත්තු නිසා තමයි කැමැතිවුණේ.

මුලින්ම දෙන්න හම්බවුණ දවස මතකද?
2006 අප්‍රේල් 07 විහාරමහා දේවි උද්‍යානයේදී තමයි ආදරය කරන්න පටන්ගත්තේ.

කවුද මුලින්ම එතැනට එන්න කිව්වේ?
මම එන්න කිව්වා.

ඇය සුපර් ස්‌ටාර් රසිකාවියක්‌ නොවෙයිද?
නැහැ. එයා සුපර් ස්‌ටාර් රසිකාවියක්‌ වෙලා ඉඳලා නැහැ. අනුරාධිකාගෙ ගෙදර අය සුපර් ස්‌ටාර්ස්‌ලට එස්‌ එම් එස්‌ යවන කොටත් අනුරාධිකා බනිනවලු මොකදට ඔය කොල්ලන්ට එස්‌ එම් එස්‌ යවන්නෙ කියලා.

සුපර් ස්‌ටාර් සහෝදරියන්ගෙන් ආදර යෝජනා ආවේ නැතිද?
සහෝදර ගායිකාවන්ගෙන් එවැනි ආදර යෝජනා ආවේ නැහැ.

හැබැයි රසිකාවියන්ගෙන් නම් ගොඩක්‌ ආදර යෝජනා ආවා කියලත් ආරංචියි ?
අපොයි ඔව්. එවැනි ආදර යෝජනා නම් ඕන තරම් ඇවිත් තිබෙනවා. හැබැයි මම ඒ එකකටවත් කැමැති වුණේ නැහැ. මොකද ඔවුන් මට කැමැති වෙන්න ඇත්තේ ජනප්‍රියත්වය නිසානෙ.

අනුරාධිකා කැමැති වුණේ ජනප්‍රියත්වයට කිව්වොත් ?
ඇත්තටම මම මෙයාව තෝරගන්නත් එකම හේතුව ඒකයි. මොකද මගේ ජනප්‍රියත්වය ඇය බැලුවේ නැහැ.

විවාහ උත්සවය සහෝදර සුපර් ස්‌ටාර් යාළුවන්ට කිව්වේ නැතිද?
ලංකාවේ ඉන්න හැමෝටම මම එන්න කියලා තිබෙනවා.

ඇත්තද ගමේ යාළුවො අමතක කළා කියන්නේ ?
ගාල්ලේ ඉන්න යාළුවො අමතක කළේ නැහැ. ඔවුන්ට ග්‍රෑන්ඩ් පාටි එකක්‌ ලෑස්‌ති කරලා තියෙන්නෙ හොඳට විනෝද වෙන්න.

තීක්‍ෂණ මනමාල කතා කියපු අනුරාධිකාගෙනුත් තොරතුරු දැනගන්න අපි අදහස්‌ කළා.
 

තීක්‍ෂණ දැකපු මුල්ම දවසේ ඔයාට මොකද හිතුණේ ?
මම තීක්‍ෂණව සුපර් ස්‌ටාර් වලින් දැකලා තිබුණේ නැහැ. කොළඹ පන්ති ඇවිත් තමයි මට ඔහුව හමුවුණේ. මිතුරෙකු විදිහට තමයි මුලින් තීක්‍ෂණව ඇසුරු කළේ.

ඒ මිතුරුකම ආදර කතාවට පෙරළුණේ ?
මගෙ හිතේ නම් එහෙම දෙයක්‌ තිබුණේ නැහැ. තීක්‍ෂණගෙ හිතේ තමයි එවැනි අදහසක්‌ තිබිලා තියෙන්නේ. එයා තමයි මට මුලින්ම ආදර යෝජනාව ගෙනාවේ.

තීක්‍ෂණව මුල්ම කාලේ විශ්වාස කළේ නැහැ කියන්නේ ඇත්තද?
ඔව්. මම යාළුවෙකු විදිහට ආශ්‍රය කළාට එවැනි දෙයක්‌ ගැන එක පාරටම විශ්වාස කරන්න බැහැනේ. එයා දෙතුන් පාරක්‌ පහදලා දුන්නට පස්‌සෙ තමයි මම කැමති වුණේ.

ජනප්‍රිය නිසා නොවෙයිද කැමති වුණේ ?
අපොයි නැහැ.

තීක්‍ෂණට ආදරේට කියන්නේ ?
"කුකූ" කියලා.

තීක්‍ෂණගේ හොඳ ගතිගුණ ගැන කිව්වොත් ?
එයා හරිම අහිංසකයි. මාව හොඳින් බලාගන්නවා. හරියට වෙලාවට වැඩ කරන කෙනෙක්‌. මම තමයි එහෙම කරන්නේ නැත්තේ.

ඒ වෙලාවට ඔයාට බනින්නෙ එහෙම නැතිද?
මොකද නැත්තේ. හරියට බැනුම් අහනවා. අපි දෙන්න මුලින්ම හම්බවුණ දවසෙත් මම පැය දෙකක්‌ විතර පරක්‌කු වෙලයි ආවෙ.

එදා මොකද කිව්වේ ? 

මොකුත් කිව්වේ නැහැ. මම එනකං පැය දෙකක්‌ බලාගෙන ඉඳලා තියෙනවා.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter