Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

කේන්දරයට අනුව තවත් අවුරුද්දකින් චතුරිකා හා රොෂාන් විවාහ වන බව රසදුන අතිරේකයට ඔවුන් කියා සිටිනවා.පහත දැක්වෙන්නේ එම සාකච්චාවේ කොටස් කීපයකි.



ඔබත් රොෂානුත් පවත්වාගෙන යන ‘චලරූ’ ටෙලිනාට්‍ය නිෂ්පාදන ආයතනයේ වැඩ කටයුතු හොඳින් කෙරෙනවාද?

ඔව් අපේ ‘චලරූ’ ආයතනය ටෙලිනාට්‍ය ගණනාවක් ම කළා. මේ ආයතනයේ වැඩ ගොඩක් දුරට බලා කියාගන්නේ අපේ තාත්තා. රොෂානුයි මමයි දෙන්නම කාර්ය බහුල නිසා ව්‍යාපාරයට හිත යොදවන්න අපිට වෙලාවක් නෑ. තාත්තා ඒ වැඩ ඉතාම හොඳින් කරනවා. හැබැයි අපේ ආයතනයේ උපකරණවලින් ටෙලිනාට්‍යයක වැඩ කටයුතු කරන විට එම ස්ථානයේ රැඳී ඉන්න අපි දෙන්නම උත්සාහ කරනවා.

අලුත් ගෙයි වැඩ ඉවරද?

අපේ අලුත් ගෙයි වැඩ කටයුතු තවම කරගෙන යනවා. ගේ හදන්නෙ මහරගම. පසුගිය කාලෙ රොෂාන්ටයි මටයි වැඩ අධිකව තිබුණු නිසා ගෙයි හදන වැඩ කටයුතු සොයා බලන්න වෙලාවක් තිබුණේ නෑ. ඒ නිසා තාවකාලිකව ගෙයි වැඩ නවත්වලයි තියෙන්නෙ. ලබන අවුරුද්දෙ මැද වගේ වන විට ගෙයි වැඩ සියල්ලම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.

රොෂාන්ගෙයි ඔබගෙයි විවාහය තවත් කල්යයිද?

අපි දෙන්නගෙ කේන්දරවලට අනුව අපේ විවාහය සිදුවිය යුත්තේ 2011න් පසුව. ඒ නිසා විවාහ වෙන්න තව අවුරුද්දක් විතර ඉවසන්න වෙනවා. රොෂාන්ටවත් මටවත් කිසිම හදිස්සියක් නෑ විවාහ වෙන්න. මොකද අපි දෙන්නම කාර්ය බහුලයි. මේ දවස්වල දෙන්නගෙම ගෙවල්වලින් විවාහය ඉක්මන් කරන්න කියල බල කිරීමකුත් නෑ. ඒ නිසා නිසි වෙලාව ආ විගසම අපේ විවාහය සිදුවේවි. මගේ ආදරණීය රසික රසිකාවියන්ට විවාහය ගැන අනිවාර්යයෙන්ම කියනවා.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter