Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

අයවැය විවාදයේදී අදහස්‌ ප්‍රකාශ කරමින් සිටි දයාසිරි ජයසේකර මහතා ජනාධිපතිවරයා කළ කතාවක්‌ වෙබ් අඩවියක් ඔස්‌සේ ජංගම දුරකතථයට ලබාගත් බව පවසමින් එය ක්‍රියාත්මක කර මයික්‍රපෝනය වෙත ළං කළේය.

මේ අවස්‌ථාවේදී
පටිගත කළ කතා සභාවට ගෙන එන්නට මන්ත්‍රීවරයකුට අවසර නැතැයි නියෝජ්‍ය කතානායක වරයා කියූ අතර ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගට විරෝධය පළ කළ කරන්න වූහ.
දයාසිරි ජයසේකර :
"මේ රටේ ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක්‌ එතුමාගේ කතාවක්‌ ඉදිරිපත් කරනවාට ආණ්‌ඩුවේ මන්ත්‍රීවරු කැමැති නෑ. මම හෙටම ජනාධිපතිතුමාට මේ ගැන කියනවා".

දිනේෂ් ගුණවර්ධන :

"නියෝජ්‍ය කතානායක තුමනි, වහාම මේ ජංගම දුරකථනය අත්අඩංගුවට ගන්න".

නියෝජ්‍ය කතානායක:

"ඔය යන්ත්‍රය ක්‍රියාවිරහිත කර මහලේකම්ට භාර දෙන්න".

ඒ අනුව දුරකථනය ලේකම් මණ්‌ඩලයට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා
විසින් බාරදුනි


දයාසිරි ජයසේකර :
"මම රටේ ජනාධිපති තුමා කළ කතාවක්‌ අරන් කතා කළේ. ඒකෙන්ම තේරෙනවා තමුන්නාන්සේලා ජනාධිපතිතුමාට කොතරම් විරුද්ධද කියලා".

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ කතාව අවසන් වූ පසු ලේකම් මණ්‌ඩලය විසින් යළි අදාළ ජංගම දුරකථනය ඔහු වෙත භාර දුන්නේය.


අපට වාර්තා වන ආකාරයට දයාසිරි ජයසේකර මන්ත්‍රී වරයා උත්සහ කොට ඇත්තේ ජනාධිපති විසින් 2005 ජනපතිවරණයේදී රු. 2500 කින් පඩි වැඩි කරන බවට කල කතාව විකාශය කිරීමටයි. 

මේ අතර නුවර පැවති මෙගා ස්ටාර් අජිත් වීරසින්හ පිලිගන්න පැවත්වූ උත්සවය සදහා නුවර මැති ඇමතිවරුන් වන අමුනුගම,කෙහෙලිය වැනි අය සහභාගීන් නොවුනත් තිස්ස අත්තනායක ඇමතිවරයා ගොස් ඇත.මේ බව දැනගත් දයාසිරි ජයසේකර තිස්ස විසින් සංවිධානය කල කුන්ඩසාලේ පැවති ග්‍රාම චාරිකා සදහා සහබාගි වී නොමැත

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter