Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

සතිඅන්ත පුවත්පත්වල තරු කියන කතා


ෆේස්‌ බුක්‌ එකේ ඉන්නේ මම නෙමෙය-අරුණි රාජපක්‍ෂ



ඔබේ රසිකයන්ට දන්න කියන අයට කියන්න විශේෂ පණිවුඩයක්‌ තිබෙන බව ආරංචියි ?
ඒ පණිවුඩය තමයි මම ෆේස්‌ බුක්‌ එකේ නැහැ කියන එක. මගේ නමින් මගේ ඡායාරූප යොදාගෙන ගොඩක්‌ අය ෆේස්‌ බුක්‌ පහසුකම් හරහා පිරිමි ළමයින් එක්‌ක කතා කරනවාලු. මගේ යාළුවොත් ගොඩක්‌ වෙලාවට එහෙම කතා කරල තියෙනවා. ඒ නිසා ඒ හැමෝටම කියන්නේ මේක බොරුවක්‌. මගේ නමින් ආවට කා එක්‌කවත් කතා කරන්න එපා. ඒ හැමෝම කරන්නේ ලොකු බොරුවක්‌.


ඇගේ නමින් සාදා ඇති ව්‍යාජ ගිණුම
-------------------------------------------------------------------------------------------------------------------

ජනප්‍රිය හින්දා කටකතා හැදෙනවා ඇති - සමිතා 



මොකක්‌ද මේ දවස්‌වල පැතිර යන කට කතාව ?
ඒකනම් මම දන්නේ නැහැ. ඒවා හදන කට්‌ටියගෙන්ම තමයි අහන්න වෙන්නේ. මම ඔය සම්බන්ධව කිසි දෙයක්‌ දන්නේ නැහැ.

ඔබ අතුල සමග දික්‌කසාද වෙන්න යනවා කියන්නේ ඇත්තද?
මම ඉන්නේ එයත් එක්‌ක තමයි.

එහෙනම් අතුල විවාහ වෙන්න යනවා කියන්නේ ?
අතුල මාත් සමග විවාහ වෙලයි ඉන්නේ.

ඇයි මේ වගේ කට කතා හැදෙන්නේ ?
අපි සංගීත ක්‍ෂේත්‍රයට ඇතුළු වුණ මුල් කාලයේ පටන් ජනප්‍රිය නිසා මේ වගේ කට කතා හැදෙනවා ඇති.

මේ දේවල් නිසා ඔබ විදෙස්‌ගත වෙන්න යනවා කියන්නේ ඇත්තද?
මමවත් දන්නේ නැහැ මම විදෙස්‌ ගත වෙන්න යනවා කියලා. අනිත් කට්‌ටිය කොහොම දන්නවද කියලා මම නම් දන්නේ නැහැ.
 

කොහොමද අතුල සමග ගෙවීගිය කාලය ?
සතුටින් ගෙවී ගියා. 
අපවෙත වාර්තා වන අන්දමට අතුල දැන් ප්‍රසිද්ධියේම සිය නව පෙම්වතිය සමග ගමන් බිමන් යෙදෙනවාලු.
----------------------------------------------------------------------------------------------------------------------

අපිට නම් තාම එහෙම හදිසියක්‌ නැහැ - නෙහාරා පීරිස්



වැඩිපුර කැමැති කළු අයටලු නේද? 
ඔව්. මම හිතන්නේ මගේ පාටට වඩා වෙනසක්‌ තියෙන නිසා වෙන්න ඇති එහෙම කැමැත්තක්‌ තියෙන්නේ.
 
පොඩියට සිටියට හැමෝත් එක්‌කම රණ්‌ඩු වෙනවා නේද?
අනේ මම එහෙම කෙනෙක්‌ නෙමෙයි.

එහෙනම් සමහර අය ඉන්න වැඩවලට යන්නේ නැත්තේ ඇයි?
සමහර අය ඉන්නවා එකට වැඩ කරන්න ආශ්‍රය කරන්න අමාරුයි. එහෙම අය ඉන්න තැන්වලට නම් මම යන්නේ නැහැ තමයි. නිතරම ඉරිසියාවෙන් ඉන්න මූණ ඇඹුල් කරගෙන ඉන්න අයත් එක්‌ක වැඩ කරන්න අමාරුයි.

රංගනයෙන් යෑපෙන්නේ නැත්නම් ඇයි ඔයා අසාධාරණ විදිහට ලොකු ගාණක්‌ ඉල්ලන්නේ.?
මම හිතන්නේ නැහැ මම යම්කිසි නිර්මාණයකට ඉල්ලන මුදල අසාධාරණය කියලා. අපේ වටිනාකමට හොඳ මිලක්‌ තිබිය යුතුයි. මගේ මුදල දෙන්න බැරිනම් මම යන්නේ නැහැ.

දෙන්නෙක්‌ කසාද බැන්දම දරුමල්ලන්ගේ මූණබලන්න තියෙන්නෙ පුදුම හදිස්‌සියක්‌?
අපිට නම් තාම එහෙම හදිසියක්‌ නැහැ. මහත්තයටත් එහෙමයි.

ඇයි මහත්තයා කැමැති නැද්ද දැන්ම දරු සුරතල් දකින්න ?
එහෙම අකැමැති නිසා නෙමෙයි එයා කියනවා මමත් තාම පොඩි නිසා එයාට එක පාරට බබාල ගොඩක්‌ බලා ගන්න බැහැ කියලා.

එහෙම නම් ඇයි මේ පුංචි වයසෙන්ම කසාද බැඳගත්තේ.
අපි දෙන්න ආදරය කළා . ඉතින් අපිට හිතුනා. ඇයි අපි තවත් පරක්‌කු වෙන්නේ. අනිත් එක තමයි එයාගෙන් ලැබෙන සහයෝගය මට ගොඩක්‌ වටිනවා. ඒවගේම කට කතා හැදෙන ප්‍රමාණයත් ටිකක්‌ අඩු වෙනවනෙ. ගොඩක්‌ අය බඳින්නේ නැත්තේ ජනප්‍රියත්වය අඩුවෙවි කියල බයට. නමුත් මට එහෙම දෙයක්‌ බලපෑවේ නැහැ.

ඒ කියන්නේ දැන් කට කතා නැහැ කියලද?
කට කතා හැදෙන එකනම් නතර වෙලා නැහැ. ඒත් දැන් එයා මං ගැන හැමදේම දන්නවනේ .
 

----------------------------------------------------------------------------------------------------------------------

එයා වර්ණකුලසූරිය. මම වර්ණසූරිය -උදයකාන්ත



එක වගේ නමක් නිසා උදයකාන්ත වර්ණසූරියට මේ දිනවල මුහුණ දෙන්න වෙලා තිබෙන්නේ ලොකුම අකරතැබ්බයකට. පසුගිය දිනවල වංචා සිද්ධියකට නම ගෑවුණු නිළියක් වන උදාරි චාමිකාගේ නමේ අග කොටස උදයගේ නමේ අග කොටසට ගළපගෙන බොහෝ දෙනෙක් ඔහුට දුරකථන ඇමතුම් දෙනවාලු. 
සමහර දවසට රාත්‍රි කාලයේත් ඔහුට මේ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු දෙන්නට වෙනවාලු. කෙසේ නමුත් මේ ප්‍රශ්න අහන හැම දෙනාටම ඔහු කරුණු පැහැදිලි කරන්නට පසුගිය දිනක අපිත් සමඟ එක්වුණා.

ඇත්තට බොහෝ දෙනෙක් ප්‍රශ්න කරන්නේ ඒ නිළිය මගේ ඥාතියෙක්ද කියලා අහලයි. සමහරු මගෙන් අහනවා ඒ මගේ දුවද කියලත්. ඉතින් මේ ප්‍රශ්නෙදි මට කියන්න තිබෙන්නේ ඔය කියන නිළිය මගේ චිත්‍රපටයකින් ක්ෂේත්‍රයට ආවා තමයි.

ඒ ආවෙත් සම්මුඛ පරීක්ෂණයකින් තේරිලා.ඒ ඇරුණම ඇයත් සමඟ මගේ කිසිම ඥාති සම්බන්ධයක් නෑ. අනිත් පැත්තෙන් නම් දෙකේත් පොඩි වෙනසක් තිබෙනවා. ඇය වර්ණකුලසූරිය. මම වර්ණසූරිය. 

මේ දෙක පටලවාගෙන තමයි බොහෝ දෙනෙක් මගේ ඥාතියෙක් කියලා හිතලා මට දුරකථන ඇමතුම් දෙන්නේ.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter