Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

නේපාලයේ හටගෙන ඇති දේශපාලන අර්බුද විසැඳීමට මැදිහත් වන ලෙස එරට ජනාධිපති රාම් බරන් යාදෙව් මහතා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව පසුගිය මාසයේ පුවත්පත්වල පල විය.

නමුත් ශ්‍රී ලංකාවේ හා නේපාලයේ මාධ්‍යවල මෙය ප්‍රචාරය වු සැනින් නේපාල රජය විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් කිසි දිනෙක ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් හෝ ශ්‍රී ලංකා රජයෙන් උපදෙස් නොඉල්ලු බවයි.

නේපාල රජය විසින් ප්‍රතික්ෂේප කරන ලද කතාව පිළිබද ජි.එල් මෙතෙක් කල් නිහඩ පිලිවතක් අනුගමනය කලද නේපාලයේ පලවන හිමාලයන් පුවත්පත අද ප්‍රකාශයට පත්කොට සිටියේ කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රීලංකාව නේපාලයෙන් සමාව ගත් බවයි. 


හිත රිදුනනම් සමාවෙන්න
තමා නේපාල රජය සම්බන්ධයෙන් කල ප්‍රකාශයෙන් සිත රිදුණේ නම් ඊට සමාව අයදින බව විදේශ ඇමති ජී.එල් පීරිස් මහතා කියා ඇති අතර
අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් සිදුකරන්නට ඇත්තේ එම අර්බුධ විසඳා ගැනීමට නේපාල රජය ශ්‍රී ලංකා රජයෙන් උපදෙස් ගනී යැයි බලාපොරොත්තුවෙන් විය හැකි බව නේපාලයේ පලවන හිමාලයන් පුවතපත කියයි.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter