Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

වසර 30ක් පමණ සියඹලන්ගමුව රක්ෂිතයේ වාසය කල ශී‍්‍ර ලංකාවේ දිගම දළ ඇති ඇතා ලෙසද සැලකෙන සියඹලන්ගමුවේ ඇතා පසු ගියදා වනජීවි නිලධාරීන්   උඩවලව වනෝද්‍යානයට ගෙන යාමට උත්සාහ කිරිමේදී එම ලොරියේ තට්ටුව කඩා වැටී මිය ගියේය.

ඇතාගේ මරණය පිලිබදව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පශු වෛද්‍ය නිලධාරීතුමා කියා සිටියේ ඇතාගේ ඉදිරි පාදය ලොරියේ සිදුරට වැටෙන විට උගේ හදවත ලොරි තට්ටුව වැදීමෙන් මිය ගිය බවයි.එහෙත් බොහෝ පරිසරවේදීන් මෙය ප්‍රතික්ෂේප කරනවා.ඔවුන් පවසන්නේ මෙවන් සද්ධන්ත ඇතෙකුට මෙයට වඩා කම්පනයක් වුවත් දරාගත හැකියි යන්නයි.කෙසේ නමුත් මෙම සිදුවීම ආන්දෝලනයට ලක් වූ නිසා මේ පිලිබදව පරීක්ෂණයක් පැවැත්වීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරකෙරුණා.


මේ පිළිබද සැක මතුවෙන්නේ මරණය සිදු වූ ආකාරයත් ඇතාගේ සිරුරේ තිබුණු වෙඩි සලකුණු හා ලේ පැල්ලම් නිසයි.විමර්ශන කටයුතු ආරම්භ කිරිමට පෙර ඇතා ප්‍රවාහනය කල ලොරිය සෝදා පිරිසිදු කොට ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සදහන් කරනවා.ඇතා ප්‍රවාහනය කල එම ලොරි තට්ටුවේ ලේ පැල්ලම් රැසක් තිබු බවත් දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන්ට නොදන්වා ලොරිය පිරිසිදු කොට ඇති බවත් එම ආරංචි මාර්ග සදහන් කරනවා.තවද ඇතාගේ සිරවූ පාදයේ තුවාල කිසිවක් නොවූ බවද වාර්තා වේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව පසුගියදා පොලිස්පතිතුමාට බාරදුන් අතර එහි සදහන් වුයේ මරණය අනපේක්‍ෂිත අනතුරක් නිසා සිදුවූවක් බවයි.සියඹලන්ගමුව පන්සලේ ඇතා වල දැමුණු අතර ඇතා වෙනුවෙන් දානමය පුණ්‍යකර්මයක්‌ද සුදානම් කර තිබුණි.ඇතා වල දැමීමෙන් පසුව රාත්‍රියේ ආ වල්අලි රංචුවක්‌ ඇතා වළ දැමූ ස්‌ථානය වටේ කැරකී වළ මතට හිස තබා අවසන් ගෞරව දක්‌වා ඇතැයි වාර්තා වේ.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter