පාරිභෝගික භාණ්ඩයක් ප‍්‍රචාරය කිරීම සඳහා වෙළඳ දැන්වීම් මාධ්‍යවල පළ කිරීමේදී අදාළ නිෂ්පාදනයේ සිල්ලර මිල සඳහන් කිරීම පෙබරවාරි 01 වැනිදා සිට අනිවාර්ය වන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. පුවත්පත්, චිත‍්‍රපට, රූපවාහිනිය, වීඩියෝ, හඬපට, අන්තර් ජාලය සහ අනෙකුත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි පළ කෙරෙන වෙළඳ දැන්වීම් සඳහා එය බලපැවැත්වෙනු ඇත. එකම භාණ්ඩයක විවිධ ප‍්‍රමාණයන් සහ වෙනස් වර්ගයන් අලෙවිය සඳහා වෙළඳ දැන්වීම් ප‍්‍රචාරයේදී එම එක් එක් භාණ්ඩය සඳහා වන සිල්ලර මිල ගණන් ද සටහන් වියයුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය කියා සිටී.
Post a Comment
Your comment will be visible after approval