Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

ජනපතිගේ දෙවන පදවි ප්‍රාප්තිය නිමිති කොට ගෙන ජනපති පදවි ප්‍රාප්තියෙන් පසුව රටේ හා ජනතාවගේ කලදසාව ගැන ජනාධිපති ඡ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන ලියු දීර්ඝ ලිපියක් සිළුමිණෙහි පල වුණා. එහි සදහන් වූ කරුණු කීපයක් පහත වේ.

සිංහ රාශියේ හතරවැන්න වෘශ්චික රාශියේ බලවත් වෙනවා. තුන්වැන්න වන වික්‍රමස්ථානයේ සිකුරු බලවත් වීමත් සුවිශේෂයි. එය මූලත්‍රිකෝණ හා ස්වක්‍ෂේත්‍ර බලයක්. මේ රටේ හා ජනතාවගේ සිතුම් පැතුම් ඉටු වෙනවා. නොවැම්බර් 19 දා ට පෙර එනම් 18 දා හම්බන්තොට අන්තර්ජාතික වරායට පළමු පෙළේ නැව පැමිණීමට නියමිතයි. මේ සුබග්‍රහ තත්ත්වය මැද ඒ කටයුත්ත සිදුවීමෙන් පෙන්නුම් කෙරෙන්නේ හම්බන්තොට වරාය අන්තර්ජාතික වරාය අතර සුවිශේෂි තත්ත්වයකට පත්වන බවයි. 

භූමිය සම්බන්ධයෙන් බල පවත්වන්නේ කුජ ග්‍රහයායි. ඒ කුජ බලවත්. එයින් කියැවෙන්නේ කෘෂිකර්මය හා භූමි සම්පත් අතින් ද ශ්‍රී ලංකාව වාසනාවන්ත බවයි.
ආහාර අතින් ශ්‍රී ලංකාවට ස්වයංපෝෂිත තත්ත්වයක් ඇති කර ගන්න හොඳටම ඉඩකඩ තියෙනවා. පාරිභෝගික ජනතාවට ලැබෙන සුබ පණිවිඩය තමා ආහාර හා කෘෂි ද්‍රව්‍යවල මිල පහත වැටෙනවා. නමුත් ඒ නිසා ගොවි ජනතාවට අගතියක් වෙන්නෙත් නෑ. ජනාධිපතිතුමා දෙවැනි ධුර කාලය ආරම්භ කරන මොහොතේ පවතින ග්‍රහචාරය අනුව විදේශ සබඳතා ගැන පවසන 9 වැන්න ඉතා බලවත් තත්ත්වයක පවතිනවා. මෙයට හේතු වන්නේ සිකුරු ග්‍රහයාගේ බලයයි. සිකුරු බලවත්වීම නිසා රාජ්‍ය නායකයාගේ හා රටේ කීර්තිය වේගයෙන් වැඩෙනවා.කෙටියෙන්ම කීවොත් ඉදිරි කාල පරිච්ඡේදය ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අතින් විශාල පරිවර්තනයක් සිදු වෙනවා.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter