Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

චයිත්‍රා, ඔබ ගැන වැඩි යමක් දැන ගන්නට ‘රසඳුන’ පාඨකයන් කැමැති වේවි.

මම ඉන්දියාවේ බැංගලෝරයේ කන්නඩ ජාතික පවුලක තරුණියක්. අම්මයි තාත්තයි සහෝදරියකුයි මමයි තමයි ඉන්නේ. මේ මගේ පළමුවැනි චිත්‍රපටය.

චන්නගේ චිත්‍රපටයට ඔබ සම්බන්ධ වුණේ කොහොමද?

චන්න සර්, ඔහුගේ අලුත් චිත්‍රපටයට නිළියන් තෝරා ගැනීමට ඉන්දියාවට ආවා. එහිදී පැවැත්වුණු සම්මුඛ පරීක්ෂණ සඳහා මමත් සහභාගි වුණා. අවසානයේ දී ඔහු මාව තෝරා ගත්තා.

සිනමාවේ කුලුඳුල් රංගනය විදේශීය චිත්‍රපටයකින් ඇරඹීමට සිතුවේ ඇයි?

පුංචි කාලේ ඉඳලම මට ඕනෑ වුණේ නිළියක වීමටයි. ඉතින් ඒ අවස්ථාව මට මුලින් ම ලැබුණේ මේ චිත්‍රපටයෙන්.

මේක මගේ රටේ නිර්මාණයක් නොවුණත් එය මට ප්‍රශ්නයක් වුණේ නැහැ.

මම හිතන්නේ මේ චිත්‍රපටය හරහා සිනමාවට පා තැබීමට ලැබීම මට ලැබුණු භාග්‍යයක් ලෙසයි.

භාෂාව ඔබට අභියෝගයක් වුණේ නැද්ද?

ඔව්. සිංහල භාෂාව ගැන කිසිම දෙයක් මම දැනගෙන හිටියේ නැහැ.

නමුත් මේ චිත්‍රපටයට මා තෝරා ගැනීමෙන් පසු චන්න සර් ඇතුළු පිරිසගෙන් මට විශාල සහයෝගයක් ලැබුණා.

මම වැනි විදේශීය ආධුනික නිළියකට එය විශාල ශක්තියක්.

විදේශීය චිත්‍රපටයක රඟපෑම ගැන ඔබේ පවුලේ අයගෙන් විරෝධයක් එල්ල වුණේ නැද්ද?

අනේ නැහැ. ඔවුන් හරිම බුද්ධිමත්. මගේ උත්සාහයට පවුලේ උදවියගෙන් ලැබෙන සහයෝගය නම් කියලා නිම කරන්න බැහැ. මගේ රංගන හැකියාව ගැන ඔවුන්ට ලොකු විශ්වාසයක් තියෙනවා.

මේ චිත්‍රපටය සාර්ථක වේවි යැයි ඔබ සිතනවාද?

ඔව්. මට විශ්වාසයි.

ඉදිරියේදී වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්න ද කල්පනාව?

ඔව්. මට තවම වයස අවුරුදු 19 යි. මම තවම අධ්‍යාපන කටයුතු වල නියැලිලයි ඉන්නේ.

රඟපෑම මම කුඩා කල සිට දුටු හීනයක්.

ඒ හීනය දැන් හැබෑ වෙලා ඉදිරියේ දී මම අනිවාර්යයෙන් ම වෘත්තීය රංගන ශිල්පිනියක් වේවි.

මේ චිත්‍රපටයත් සමඟම ඔබට තවත් චිත්‍රපට දෙකකට ඇරියුම් ලැබී තිබෙනවා නේද?

ඔව්. චන්න සර් මාව මේ ෆිල්ම් එකට තෝරා ගත්තට පස්සේ තමයි ඒ ෆිල්ම්ස් දෙකටම මාව තේරුණේ. ඒ චිත්‍රපට දෙකම මගේ මව් රටේ නිෂ්පාදනය වන චිත්‍රපට දෙකක්. තව ම එහි වැඩ කටයුතු ඇරඹුණේ නැහැ.

සිංහල සිනමාවෙන් රංගන වරම් ලැබූ ඔබ ඉදිරියේදී ඉන්දීය සිනමාවට පමණක් කොටු වේවිද?

අපෝ නැහැ. ලංකාවෙන් මට ආයිත් ආරාධනා ලැබුණොත් මම අනිවාර්යයෙන් ම ඒ ආරාධනය පිළිගන්නවා.

කුමන රටේ වුණත් කිනම් භාෂාවකින් නිපදවන චිත්‍රපටයක් වුණත් එය හොඳ චිත්‍රපටයක් නම් මම එයට දායක වෙනවා.

ලංකාව සහ අපේ සිනමාව පිළිබඳ ඔබට ඇතිවුණ හැඟීම අපි දැන ගන්න කැමැතියි.

ලංකාව කියන්නේ හරිම ලස්සන රටක්.

ආගන්තුක සත්කාර අතින් ලාංකේය ජනතාව ඉහළයි. සිනමා කර්මාන්තය ගැන නම් මට තාම ඒ හැටි වැටහීමක් නැහැ. ඒත් මෙරටේ ජනතාවට නම් මම හරිම කැමැතියි. ඔවුන් හරිම ළෙන්ගතුයි.

ටානියා මෝසස්

ඡායාරූප -මහේෂ් නිශාන්ත

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter