Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

ශලිනි කොහෙද ඔබේ ගම් පළාත?

මගෙ උපන්ගම බලංගොඩ මම මූලික අධ්‍යාපනය ලැබුවෙ බලංගොඩ ශාන්ත ඇග්නස් බාලිකා විදුහලෙන්. පසුව මීගමුව ප්‍රදේශයේ පදිංචියට ආව නිසා මීගමුව නිවුස්ටඩ් විදුහලට ඇතුළත් වුණා.

පසුගිය අවුරුද්දෙ ඔබ උසස් පෙළ විභාගය කළා නේ ද?

මම උසස් පෙළ විභාගයට පෙනී සිටියේ වාණිජ අංශයෙන්. හැබැයි පෞද්ගලික අංශයේ විභාග අපේක්ෂිකාවක් ලෙස. මම පෙනී සිටි විෂයන් සමත්. ඒත් විශ්ව විද්‍යාලයට යන්න ලකුණු මදි. පසුගිය කාලෙ මම සම්පූර්ණයෙන් ම හිත යොදවල තිබුණෙ අධ්‍යාපන කටයුතුවලට.

ඔබ උසස් පෙළට වාණිජ විෂයන් කළේ විශේෂ බලාපොරොත්තුවකින් ද?

මට තේරෙන වයසෙ ඉඳල මට තිබෙන ආශාවන් තමයි, මගෙ ම කියල ව්‍යාපාරයක් පටන් ගැනීම. ඒ අදහසිනුයි මම උසස් පෙළට වාණිජ විෂයන් කළේ. ඒ වගේ ම මට කිසිම අදහසක් තිබුණෙ නෑ කලාවට සම්බන්ධ වෙන්න. ඒ නිසයි මම කලාවට සම්බන්ධ විෂයන් ඉගෙන නොගත්තේ.

පසුගිය දවස්වල රියදුරු බලපත්‍රය ගන්න වෙහෙසුණා නේද?

ඔව්. යන්තම් ඩ්‍රයිවින් ටෙස්ට් එක පාස්.

පාසල් යන කාලෙ තිබුණු වෙනත් බලාපොරොත්තු මොනවද?

ඒ කාලෙ තිබුණ ලොකුම බලාපොරොත්තුවක් තමයි, ගුවන් සේවිකාවක් වීම. කොහොම වුණත් මගෙ ව්‍යාපාරික හීනය මම හැබෑ කර ගන්නවා.

ඔබේ හිත ගිහිං තියෙන්නෙ මොනවගේ ව්‍යාපාරයකට ද?

ඇඳුම් විලාසිතාවලට.

කලාවට ඔබ සම්බන්ධ වීම අහම්බෙන් සිදු වූවක් ද?

ඇත්තෙන් ම ඔව්. මම සාමාන්‍ය පෙළ විභාගය කරලා ගෙදර ඉන්න කාලෙ සිරස කුමරිය තරගයට අයදුම්පත් කැඳෙව්වා. ගෙදර අයගෙ ඉල්ලීමටයි මම ඒකට ඉදිරිපත් වුණේ. සිරස කුමරිය වුණාට පසුව මම රූපවාහිනි වෙළෙඳ දැන්වීම් කීපයකටම පෙනී සිටියා.

ඉන් පසුව ටෙලිනාට්‍ය කීපයකට ම ආරාධනා ලැබුණා. රංගනයට එන්න මගෙ බලාපොරොත්තුවක් තිබුණෙම නෑ. මගෙ පවුලේ අය කියපු නිසයි මම රංගනයට ආවෙ.

මේ දවස්වල ඔබ නිරතවෙලා ඉන්න කලා කටයුතු මොනවාද?

අවුරුදු 30 කට පසුව යාපනයේදී රූපගත කෙරෙන ‘සෙල්වම්’ චිත්‍රපටයේ රඟපානව. ඒ වගේ ම ‘අරුන්දතී’ ටෙලි නාට්‍යයේත් ‘අලුත් ගෙදර’ ටෙලිනාට්‍යයේත් රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ස්වර්ණවාහිනියෙ ‘ඩාන්සින්’ වැඩසටහනටත් මේ දවස්වල සහභාගි වෙනවා.

ගඟ අද්දර’ ටෙලිනාට්‍යයේ නිර්මලා ගෙ චරිතය අභියෝගයක් කියල හිතුවද?

අභියෝගයක් විතරක් නෙමේ, මුලින් ම මට බය හිතුන ඒ චරිතය බාරගන්න. ඒකට හේතුව තමයි ‘ගඟ අද්දර’ චිත්‍රපටයේ නිර්මලාගේ චරිතය ප්‍රවීණ නිළියක වන වසන්ති චතුරානි නිරූපණය කර තිබීම. ඇය කළ රංගනය රසිකයන්ගේ හිතේ තාම රැඳිල තිබෙනව.

ඒකට හානියක් නොවෙන්න මට ඒ චරිතය කළ යුතු නිසයි මට බය හිතුණේ. නමුත් ‘ගඟ අද්දර’ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා මට කිව්වා අපි මේ කරන්න හදන්නේ “ගඟ අද්දර” චිත්‍රපටය නෙමේ ඒ නිසා බයවෙන්න එපා ඔයා නිදහසේ රඟපාන්න කියලා. ඔවුන් තවදුරටත් මට කතාව පහදල දුන්නට පස්සේ මමත් ඒ කතාවට ආදරය කරන්න පටන් ගත්තා.

ඒ විදියටයි මම ‘ගඟ අද්දර’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ. ටෙලිනාට්‍ය නරඹන ගොඩක් දෙනෙක් මම ඒක හොඳට කරල තියෙනව කියල කියනව. මම මේ දක්වා සම්බන්ධ වුණු හොඳම නර්මාණයක් ‘ගඟ අද්දර’ ටෙලිනාට්‍යය. හැබැයි මම මේ වනතෙක් ‘ගඟ අද්දර’ චිත්‍රපටය නරඹල නම් නෑ.

ඔබේ පවුලේ තොරතුරු…?

මගෙ අම්මටයි තාත්තටයි ඉන්නෙ මමයි අයියයි නංගියි. මගෙ අම්ම නිර්මා සුරාජි. ඇයත් කලාවට සම්බන්ධයි.

ඔබේ පෙම්වතා ගැන තොරතුරු කිව්වොත්…?

මට පෙම්වතෙක් නෑ.

ඔබේ පෙම්වතා මොන වගේ කෙනෙක් විය යුතු ද?

මූලික ම දේ තමයි අවංකකම. ඒ වගේ ම මගෙ පෙම්වතා මාව තේරුම් ගන්න පුළුවන් මට ආදරය කරන කෙනෙක් විය යුතුයි.

රසිකයින්ගෙන් ආදර යෝජනා ලැබී නැතිද?

රසිකයින්ගේ ආදර යෝජනා එමටයි. ඒත් මම ආදරය කරන්න ඕන මට ගැළපෙන කෙනෙකුටනේ. ඒ වගේ ම කාට හරි ආදරය කරන්න ඔහු කෙරෙහි මගේ හිතේ ආදරයක් ඇතිවෙන්නත් ඕනනේ. ඒ නිසා රසිකයින්ගෙන් ලැබෙන ආදර යෝජනා ගැන මම වැඩිය හිතන්නේ නෑ.

දිගටම කලාවේ නියැලෙන්න බලාපොරොත්තු වෙනවද?

ම කලාවට සම්බන්ධ වුණේ අහම්බෙන්. රසිකයන්ට එපා වෙවී දීර්ඝ කාලයක ් රංගනයේ රැඳී ඉන්න මගෙ බලාපොරොත්තුවක් නෑ. තව බොහොම කෙටි කාලයයි මම කලා ක්ෂේත්‍රයේ ඉන්නෙ. ඒ කාලය සතියද දෙකද අවුරුද්ද ද දෙකද කියල කියන්න බැහැ. මට ඇති කියල හිතුන හැටියෙම මම කලාවෙන් සමුගන්නවා.

ගාමිණී සුසන්ත

අයගේ නවත

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter