Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

ඉන්දියානු ණය ආධාර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 31 ක පමණ මුදලක් වැයකොට නවීකරණය කල ගාල්ල මාතර දුම්රිය මාර්ගයෙන් අපේක්ෂිත ප්‍රතිපල ලබා ගත නොහැකි බව වාර්තා වේ.

ගාල්ල සිට මාතර දක්වා තිබු පැරණි දුම්රිය මග සම්පුර්ණයෙන්ම ගලවා ඉවත්කොට මෙම අධිවේගී දුම්රිය මාර්ගය ඉදිකරත් ගාල්ල සිට මාතර දක්වා ඇති මාර්ගයේ එක වංගුවක් වත් කෙලින් කිරීමට කටයුතු යොදා නොමැත.එම නිසා ගාල්ල සිට මාතරට ඇති කිලෝමීටර් 42 තුල පැයට කිලෝමීටර් 100 ක වේගයට ආසන්නයෙන්වත් පවත්වාගත හැක්කේ කිලෝ මීටර් 10 ක පමණ දුරකට පමණක් බව වාර්තා වේ.

පසුගිය 16 වනදා ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු පිරිස ගාල්ල මාතර අධිවේගී දුම්රිය මාර්ගයෙන් පළමු දුම්රිය ගමන් වාරය ඇරඹු අතර දුම්රිය  පිරෙන්න මගින් නොමැතිව,කිසිදු දුම්රිය සථානයක නොනවත්වා ගමනාන්තයට ලං වීමට විනාඩි 37 ක් ගතවී තිබිණි.වෙනදාට මෙම දුර යාමට රුහුණු කුමාරි දුම්රියට විනාඩි 50 ක් පමණ ගත වේ.

මෙම අධිවේගී දුම්රියමාර්ගය ඉදිකිරීම් කටයුතු ආරම්භ කල අවස්ථාවේ සිට අවසාන මොහොත දක්වාත් දුම්රිය දෙපාර්තුවමේන්තුව විසින් දුම්රිය මාර්ගය නවීකරණය කර පසු පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් යා හැකියි පැවසුවත් දුම්රිය මාර්ගයේ බොහෝ ස්ථාන වල පැයට කිලෝ මීටර් 50-60 යනුවෙන් වේග සිමා නියම කොට ඇත.

ඒ අනුව පෙනී ගිය කරුණ වුයේ තිබෙන දුම්රිය මාර්ගය කෙතරම් උසස් තාක්ෂණයක් යොදා නවීකරණය කරත් පවතින වංගුමය ස්වභාවය නිසා අපේක්ෂිත වේගය ලබා ගත නොහැකි බවයි.එම නිසා කල යුතුව තිබුනේ විකල්ප දුම්රිය මාර්ගයක් ඉදිකිරීමයි.
නමුත් දැන් ප්‍රමාද වැඩිය.මුහුදුබඩ දුම්රිය මාර්ගය මරදාන සිට මාතරටම නවීකරණය කිරීම සදහා ප්‍රවාහන අමාත්‍යංශය ඉන්දියානු "ඉර්කොන්" සමාගම සමග ගිවිසුමක් අත්සන්කොට ඇත.නවීකරණය සදහා අවශ්‍ය සියලු මානව සම්පත ඉන්දියාවෙන්ම ලබා ගැනීමට සැලසුම් කොට ඇත.

සුනාමියෙන් දුම්රිය මාර්ගය විනාශයට පත්වූ අවස්ථාවේ එය යථා තත්වයට ඉන්දියාව විසින් අවුරුද්දක් කල් ඉල්ලුවත් අපේ රටේ ශ්‍රමිකයන් විසින් එය මාස 7 ක් වන සුළු කාලයකදී එය පෙර තිබු තත්වයටම පත් කළේය.නවීකරණයෙන් පසු ගාල්ල මිනුවන්ගොඩ බිම් ගෙය තුලින් දුම්රියට ගමන් කිරීමට නොහැකි බව සොයා ගත්තේ එය නවීකරණ කර අවසාන මොහතේය.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter