Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online



යානයක් නිවසකට වැටේ.
අහසේදී ගිනිගත් කපීර් ප‍්‍රහාරක යානා දෙකෙන් එකක් යක්කල නෙල්ලිගහමුල නිවසක වහලක්ද බිත්තියක්ද කඩාගෙන වැටී ඇත. අනෙක් යානය ඊට මීටර දෙසීයක් පමණ ඈත වත්තකට වැටී තිබේ. යානය වැටුණ පෙදෙසේ කිසිවකුටත් හානියක් වී නැත. පෙරවරු 11 වන විටත් යානා ගිනිගෙන දැවෙමින් තිබිණි. අවට ගස් කොළන්ද පිළිස්සී ඇත. එක් නියමුවකු බරපතල තුවාල ලබන්නට හෝ මියයන්ට ඇතැයි ස්ථිර නොවූ ආරංචි කියයි.  පරිගණක තාක්ෂණය අනුව ඉතා නිවැරදිව සතුරු ඉලක්කයට ප‍්‍රහාර එල්ල කළ හැකි කපීර් යානා 1996 සිටම ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුය.

update...



ගුවන් හමුදාවට අයත් කෆීර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් එක් ගුවන් නියමුවකු මරණයට පත්ව ඇති බවත්, අනෙක් නියමුවාගේ ජීවිතයට හානියක් සිදුවී නොමැති බවත් ගුවන් හමුදා රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.ස්කොඩ්‍රන් ලීඩර් වජිර ජයකොඩි මෙම අනතුරින් දිවි ගලවාගෙන ඇති අතර ෆ්ලයිට් ලෙෆ්ටිනන් මොනාත් පෙරේරා මෙම අනතුරින් මරණයට පත්ව ඇත.අද(01) පෙරවරුවේ පෙරහුරුවක් අතරතුර මෙම අනතුර සිදුව ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ඇන්ඩි විජේසූරිය මහතා පැවසුවේය.  ගම්පහ දිස්ත්‍රික්කයේ වාරණ ප්‍රදේශයේ ඉහළ අහසේ දී මෙම අනතුර සිදුව ඇති බව සදහන්ය.

ජනපති කෆීර් යානා අනතුර සිදුවූ ස්ථානය නිරීක්ෂණය කරයි

ගුවන් හමුදාවට අයත් කෆීර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුර සිදුවූ ස්ථානය නිරීක්ෂණය කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ ස්ථානයට පිටත්ව ගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය තහවුරු කරයි.

අද(01) පෙරවරුවේ පෙරහුරුවක් අතරතුර මෙම අනතුර සිදුව ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ඇන්ඩි විජේසූරිය මහතා පැවසුවේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ වාරණ ප්‍රදේශයේ ඉහළ අහසේ දී මෙම අනතුර සිදුව ඇති බව සදහන්ය.

සිද්ධියෙන් තුවාල ලැබූවන් පිළිබඳ නිශ්චිත තොරතුරු මෙතෙක් ලැබී නොමැති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter