Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

පසුගිය 19 වනදා චන්ද්‍රයා පෘතුවියට ලංවිම හෙවත් සුපර් මූන් තත්වය නිසා ඇති වූ වඩ දිය බාදිය තත්වය හේතුවෙන් මුහුදේ ජල මට්ටම පහල ගොස් නැව් පහක් වැලි කඳු වල ගැටී තිබෙනවා.

හදිස්සියේ මතුවුණු මෙම වැලි කඳු වල
ගැටුණු නැව් අතර ටොන් 2900 ක භාණ්ඩ ප්‍රවාහනය කල "පෝලා සී" නම් නෞකාවක්ද ඇතුලත් වනවා. 

19 වනදා චන්ද්‍රයා පෘතුවියට මයිල 221,567 දුරින් ගමන් කරනු ඇති බව තාරකා විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබේ.

මෙසේ පෘථිවියට වඩාත් ලගින් චන්ද්‍රයා ගමන් කිරීම "lunar perigee" හා "super moon" යන නම් වලින් හදුන්වනවා.

මෙලෙස පෘතුවියට ආසන්නයෙන් චන්ද්‍රයා ගමන් කරන්නේ වසර 19 කට පසුවයි. 2005 වසරේදීත් චන්ද්‍රයා පෘතුවියට සමීපව ගමන් කර තිබුනත් වඩාත් ලංව ගමන් කර  ඇත්තේ 1992 වසරේදීයි.

මෙයට පෙර චන්ද්‍රයා පෘතුවියට ලංව ගමන් කල 1955, 1974, 1992 සහ 2005 වසර වලදී සුනාමි තත්වයන් ,ගිනි කඳු පිපිරීම් වැනි ස්වභාවික විපත් ඇතිවී ඇති අතර මෙවරත් එවැන්නක් සිදුවිය හැකි බව මත පල වෙනවා.


නමුත් ඇතැම් තාරකා විද්‍යාඥයින් විසින් එම මතය බැහැර කරන අතර චන්ද්‍රයා පෘතුවියට ලංව ගමන් කිරීමෙන් එවන් විශාල විනාශයක් සිදු නොවෙන බව ඔවුන්ගේ මතයයි. 

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter