පසුගිය 8 වනදා පකිස්තානය හා නවසීලන්තය අතර පැවැත්වුන තරඟය සමග විවෘත කෙරුණු පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගනය නම් කිරීමට නියමිතව තිබුනේ මුත්තයියා මුරලිදරන් අන්තර්ජාතික ක්‍රීඩාංගනය ලෙසටයි.
නමුත් එම ක්‍රීඩාංගනයට මුරලිගේ නම යොදා නොගැනීමට කුමන්ත්‍රණයක් පවතින බව පසුගිය වසරේ දෙසැම්බර් මස හෙළි කොට සිටියා.අප හෙළි කල අයුරින්ම මුත්තයියා මුරලිදරන්ගේ නාමය ඉහල බලධාරීන් විසින් පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගනයට යෙදීමෙන් වැලකි සිටියා.
ක්‍රීඩා අමාත්‍යංශය විසින් නිකුත් කල නිවේදනයක සඳහන් වුයේ මාර්තු 8 වනදා පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගනය මුත්තයියා මුරලිදරන් ක්‍රීඩාංගනය ලෙස 8 වනදා අගමැති අතින් විවෘත වන බවයි.නමුත් ඉන් දින කිහිපයකට පසු ක්‍රීඩා ඇමති වරයා ප්‍රකාශකර සිටියේ කලින් සිදු කල නිවේදනය වැරදීමකින් සිදු කල එකක් බවය.
මුරලි ටෙස්ට් කඩුලු 800 ලබාගත් පසුව පල්ලෙකැලේ ක්‍රීඩාංගනයට මුරලිගේ නම යොදන බවට ජනාධිපතිතුමා විසින් ප්‍රසිද්ධියේ සහතික වුනේ ජාතික රුපවාහිනිය හරහා විකාශය වූ වැඩසටහනකට සම්බන්ධ වෙමිනි.නමුත් අද වන විට එය තවත් එක පොරොන්දුවක් පමණක් වී ඇත.

Post a Comment
Your comment will be visible after approval