Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

ආසියාවට බලපෑමක් ඇතිවිය හැකි වුනත් ලංකාවට දැනට බලපෑමක් නෑ

ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සිව්වන කොටසත් පුපුරා යාම සමග එහි බලපෑම ආසියානු රටවලටද බලපෑ හැකි බව වාර්තා වේ.


නමුත් මෙම විකිරණ වායුගෝලයට එක් වීමෙන් අන්තර්ජාතික සුළං රටා අනුව ජපානයේ සිට පැසිෆික් සාගරය හරහා හමායන සුළං ධාරා ශ‍්‍රී ලංකාව කරා ඉතාම අඩු ප‍්‍රවේගයකින් ගමන් කරන නිසා,(මාස තුනක් පමණ) ඒවා ශ්‍රී ලංකාව කරා ළඟාවීමට ඇත්තේ ඉතාම අඩු ඉඩ කඩක් බව පරමාණුක ශක්ති අධිකාරියේ සභාපති, මහාචාර්ය අබේවික‍්‍රම මහතා විසින් (15) ප‍්‍රකාශ කොට සිටියා.

ජපානයේ සුනාමියෙන් පසු ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ ඇති වූ විකිරණ කාන්දුව ආසියානු රටවලට බලපාන බවත් ඒ සඳහා වැලකි සිටීමට පැය 24 ක් නිවස තුල රැඳී සිටීමට හා වර්ෂාවක් පතිතවුවහොත් ඉන් ආරක්ෂා වන ලෙසත් අසත්‍ය ප්‍රචාරයක් කෙටි පණිවුඩ හා අන්තර්ජාලය ඔස්සේ පැතිරෙමින් පවතී.

මෙම පණිවිඩය BBC පුවත් සේවය තුලින් උපුටා ගත්තක් මෙන් පෙන්වීමටද උත්සහ දරා ඇත.එවැනි කිසිම පුවතක් BBC හි පල නොවී ඇති අතර ජපානයේ සිදු වූ විකිරණ කාන්දුවෙන් ආසියානු රටවලට කිසිදු බලපෑමක් නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම පණිවිඩය 

BBC FLASHNEWS: Japan government confirms radiation leak at Fukushima nuclear plants. Asia countries should take necessary precautions. If rain comes, remain indoors first 24hrs. Close doors & windows. Swab neclskin with betadine where thyroid area is, radiation hits thyroid first. Take extra precautions. Radiation may hit Phil at starting 4pm today. Pls send to your loved ones.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter