Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

පසුගිය දා ආරම්භ වූ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකාව හා කැනඩාව අතර පළමු තරඟය සූරිය වැව මහින්ද රාජක්ෂ ක්‍රීඩාංගනයේදී පවත්වන ලදි.මෙම තරඟය ශ්‍රී ලංකාවේ විකාශය කිරීමේ අයිතිය පැවරී ඇත්තේ රූපවාහිනී සංස්ථාවේ EYE නාලිකාව වෙතයි.

නමුත් ඉතාලියේ රෝම නගරයේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී TV නාලිකාව මඟින් ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර පවත්වන ලද තරඟය නීති විරෝධී ලෙස විකාශය කරන ලදි.

මෙය දැනගැනීමෙන් පසු එසේ විකාශය කිරීම නීති විරෝධී බව දන්වමින් එම EYE නාලිකාව දැන්වීමක් විකාශය කළේය.ඉන් පසු EYE නාලිකාවෙන් විකාශය කිරීම නවතා ඔවුන් පකිස්ථානයේ රුපවාහිනී ආයතනයක් වන ජියෝ සුපර් ටීවී හරහා තරඟය නීති විරෝධිව විකාශය කළේය.

කෙසේ නමුත් ශ්‍රී ටීවී විසින් මෙම සිදුවීම හදුන්වන්නේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමෙන් ඔවුන්ට අපහාස වූ නිසා ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.ශ්‍රී ටීවී ආයතනය eye නාලිකාවට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම කෙසේ වෙතත් පකිස්ථානයේ ජියෝ සුපර් ටීවී ආයතනය ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානමෙන් සිටින බව වාර්තා වේ.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter