Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

පසුගිය දිනකදී අග්‍රාමාත්‍යවරයා විසින් තමිල්නාඩුවේ එල්.ටී.ටි කඳවරු කිහිපයක් පවත්වාගෙන යන බව පවසමින් කල කතාව හේතුවෙන් දේශපාලන ක්‍රේෂ්ත්‍රය තුල උණුසුම් තත්වයක් ඇති විය.

අගමැතිවරයා මෙම ප්‍රකාශය කරේ විදේශ අමත්‍යංශයේ හෝ ආරක්ෂක අමත්‍යංශයේ තහවුරු කරගැනීමකින් තොරවය.

මෙම ප්‍රකාශය පිලිබඳ රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ තමිල්නාඩුවේ කොටි කඳවරු ඇති බව තහවුරු වී නොමැති හෙයින් අගමැතිවරයා එය ඔප්පුකොට පෙන්වීම හෝ සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවයි. 

නමුත් මෑතකදී ජනාධිපතිවරයාට ලැබුණු රහස් වාර්තාවකින් හෙළිදරව් වී ඇත්තේ තමිල්නාඩුවේ එල්.ටී.ටි කඳවරු කිහිපයක් පවත්වාගෙන යන බවට පිළිගත හැකි සාධක තිබෙන බවයි.

ලංකාව තුල එල්.ටී.ටි සංවිධානය සම්පුර්ණයෙන් බිඳ වැටුනත් ජාත්‍යන්තර කොටි ජාලය මේ වන විටත් ශක්තිමත්වීමට උත්සහ කරමින් සිටි.මෙරටදී එල්.ටී.ටි සංවිධානයේ සිටි අවසන් සටනේදී ජිවිත ගලවාගෙන විදේශ රටවල ආධර ඇතිව ඔවුන් නැවතත් නැගී සිටීමට උත්සහ කරමින් සිටි.

රුද්‍රකුමාරන් ඇමරිකාවේ උදව් ලබන අතර නෙදියවන් නොර්වේ රජයේ සහය ලබා ගනී.මොවුන් දෙදෙනාටම වඩා භයානක වන්නේ කොටි රහස් ඔත්තු සේවයේ සිටි නායක පොට්ටු අම්මාන්ගේ දෙවෙනියා වූ කපිල් අම්මාන්ය.


යුධ සමයේදී කපිල් අම්මාන් මිය ගිය බව සඳහන් කරද ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයන්ගේ සිරුරු ප්‍රදර්ශනය කිරීමේදී ඔහුගේ සිරුර තිබුනේ නැත.රහස් වාර්තා හෙළි කරන ආකාරයට කපිල් අම්මාන් අවසන් සටනේදී බරපතල ලෙස තුවාල ලබා සිටින විටදී කොටි සාමාජිකයන් විසින් ඔහු හොර රහසේ ඉන්දියාවට ගෙන ගොස් ප්‍රතිකාර කොට ඇත.

අද වන විට තමිල්නාඩුවේ එල්.ටී.ටි කඳවරු සංවිධානය කරන්නේ ද ඔහු බවට බුද්ධි අංශ විශ්වාස කරයි.ඉන්දීය රෝ රහස් ඔත්තු සේවයෙහි උපකාරයද කපිල් අම්මාන් වෙත ලැබෙන බව වාර්තාවේ.

මේ දිනවල මතු වී ඇති ශ්‍රීලංකා-ඉන්දියානු ධිවර ගැටලුව පිටුපස සිටින අදිසි බලවේගය කපිල් අම්මාන් බවට විශ්වාස කෙරේ.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter