Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණු පෑලියගොඩ මාළු මාකට් එකේ කප්පම් සිද්ධිය මහත් ආන්දෝලනයකට හේතුවක් වුණා. හැබැයි ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වුනේ කැලණිය නගර සභාවේ මන්ත්‍රීවරයකුටයි. කප්පම් කල්ලිය මාළු මාකට් එකේ කප්පම් එකතු කරන බවට රාජිතට ලැබුණු තොරතුර ඒ මොහොතේම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දුන්නේ දුරකතනයෙන්. “මාළු ලෑල්ලෙන් මාළු කූඩෙන් විතරක් කෙමෙයි ටොයිලට් එකෙනුත් මේ අය කප්පම් එකතු කරමින් ඉන්නේ. දැන්ම පොලිසිය එතෙන්ට ගියොත් කප්පම් කල්ලිය කොටුකර ගන්න පුළුවන් ආරක්ෂක ලේකම්තුමා.”
“කොළඹ නගරයේ හිටපු පාතාල කල්ලි අපි පහුගිය කාලේ ඉවර කළා. ඔය කප්පම් කල්ලියත් මම ඉක්මනින්ම අතුගාලා දානවා. මම දැන්මම ඞී.අයි.ජී. අනුර සේනානායක ඔතෙන්ට එවන්නම්.”ආරක්ෂක ලේකම්වරයා ඇමති රාජිතට කිව්වා. ආරක්ෂක ලේකම් කියපු විදිහටම පොලිසිය ක‍්‍රියාත්මක වුණා. ඒ නිසාම කප්පම් කල්ලිය කොටුකර ගන්න පොලිසියට පහසුවුණා.

මේ සිද්ධියෙන් වේදනාවට පත්වුණු ඇමති මර්වින් සිල්වා ජනාධිපති හමුවෙන්න අරලියගහ මන්දිරයට ආවා. “සර් මගේ ග‍්‍රහය මේ දවස්වල හොඳ නෑ. බැරිද ජුනි වෙනකම් මට නිවාඩුවක් දෙන්න. දෛවඥයෝ කියනවා මේ විදිහට ගියොත් මට ඇමතිකමත් නැතිවෙන්න පුළුවන් කියලා”

ඇමති මර්වින්ගේ මේ කතාව අහගෙන හිටපු ජනාධිපතිවරයා කේන්තිය පිටකළේ වචනයක්වත් නොකියා.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter