අලූත් අවුරුදු අසිරියේ සැබෑම හිමිකරුවන් වන දරුවන්ට නිදහසේ අවුරුදු සිරි විඳගැනීමට අවස්ථාව උදා කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. සිය අලූත් අවුරුදු පණිවුඩයෙන් ජනාධිපතිවරයා පවසන්නේ අවුරුදු නැකැත් චාරිත‍්‍ර සමග එක්වීමටත්, දරුවන්ට අවස්ථාව ලබාදිය යුතු බවයි. ඒ සඳහා අලූත් අවුරුද්දේ දරුවන්ගේ සතුට ආරක්ෂා කරදීමට මතින් දුරස්ව අවුරුදු සමරන ලෙසත් ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිහිටියන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. එය සිංහල – දෙමළ අලූත් අවුරුද්දේ දරුවන්ටත්, සමාජයටත් දිය හැකි වටිනාම අවුරුදු තෑග්ග බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. අලූත් අවුරුදු සමයේ ද රාජකාරිය වෙනුවෙන් කැපවූ ත‍්‍රිවිද හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් සියලූදෙනා ද රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ සියලූ පාර්ශව වෙත ද ජනාධිපති මහින්ද රාජපක්ෂ ස්තූතිය පල කළා.
Post a Comment
Your comment will be visible after approval