Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ අවසන් මහ තරගය නැරඹීම සඳහා ගිය ශ්‍රී ලංකාවේ ඇමැතිවරුන් 20 දෙනාට ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය සැලකූ ආකාරය පිළිබඳව ක්‍රීඩා ඇමැතිවරයා ලෙස තමන් කිසි ලෙසකින් වත් සෑහීමකට පත්නොවන බව පවසන ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා, ඒ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයටද පැමිණිලි කිරීමට තමා කටයුතු කරන බව සඳහන් කර සිටියේය.  නව ක්‍රිකට්‌ තේරීම් කමිටුව පත් කිරීම වෙනුවෙන් පෙරේදා (11 දා) ඔලිම්පික්‌ නිවහනෙහි පැවැති මාධ්‍ය හමුවේදී ක්‍රීඩා ඇමැතිවරයා ඉහත අදහස්‌ පළ කර සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වු ඒ මහතා, තරගය නැරඹීම සඳහා පැමිණි ජනාධිපතිතුමාට උපරිමයෙන් සැලකීමට ඉන්දීය ක්‍රිකට්‌ පරිපාලනය කටයුතු යොදා තිබුණද ක්‍රීඩා ඇමැතිවරයා වශයෙන් තරගය නැරඹීම සඳහා ප්‍රවේශපතක්‌ රැගෙන යැමට තමන්ට සිදුවූ බවද සඳහන් කර සිටියේය.

“තරගාවලියේ සත්කාරක රටක්‌ ලෙස ශ්‍රී ලංකාව ඒ ඒ රටවලින් පැමිණි අයට ඉතා ඉහළින් සැලකුවා. නමුත් මෙම තරගයේදී ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය අපිට සලකපු ආකාරය පිළිබඳව කිසි විටෙකත් සෑහීමකට පත්වෙන්නේ නැහැ” යනුවෙන් අලුතමගේ මහතා පැවැසීය.

“තරගය නරඹන්න මම ඇතුලු තවත් රජයේ ඇමැතිවරයරු 20 ක්‌ පමණ සහභාගි වුණා. ක්‍රීඩා ඇමැතිවරයා හැටියට මටත් ප්‍රවේශ පත්‍රයක්‌ අරගෙනයි තරගය නරඹන්න සිදුවුණේ” යනුවෙන් පවසන ක්‍රීඩා ඇමැතිවරයා “මේ පිළිබඳව අපි අන්තර්ජාතික ක්‍රිකට්‌ සභාවට ලියන්න බලාපොරොත්තු වෙනවා” යනුවෙන් පැවැසීය.
ක්‍රීඩා ඇමැතිවරයා වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු තම පළමු ක්‍රිකට්‌ මාධ්‍ය හමුවට සහභාගි වූ ක්‍රීඩා ඇමැතිවරයා, ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩාව දේශපාලනීයකරණය වී තිබෙන බව හිටපු පුහුණුකරු ට්‍රෙවර් බේලීස්‌ කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් හේතු ඇතුළත් වාර්තාවක්‌ තමන්ට ලබාදෙන ලෙස ක්‍රිකට්‌ සභාපතිවරයාට උපදෙන් දුන් බවද සඳහන් කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ක්‍රීඩා ඇමැතිවරයා “ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ දේශපාලනීකරණය වෙලා තියෙනවානම් සනත් ජයසූරිය කණ්‌ඩායමේ නායකයා වෙන්න ඕන. එහෙම නැත්නම් ඔහු කණ්‌ඩායමේ සිටිය යුතුයි. මෙහිදී හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා පැහැදිලිව ප්‍රකාශ කරල තිබුණා තේරීම් සම්බන්ධයෙන් තමාට දේශපාලනයෙන් කිසිම බලපෑමක්‌ වුණේ නැහැ කියලා” යනුවෙන් බේලීස්‌ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වා සිටියේය.
ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා පුහුණුකරු තනතුරෙන් නික්‌ම ගිය ට්‍රෙවර් බේලීස්‌, ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාව දේශපාලනීයකරණ වී ඇති බවත් එයින් ගොඩ ඒමට නම් වහාම එම තත්ත්වයෙන් මිදිය යුතු බවත් පසුගියදා ප්‍රකාශ කරන ලදී.

ශ්‍රී ලංකා ඉදිරි ක්‍රිකට්‌ ක්‍රීඩාව පිළිබඳවද අදහස්‌ දක්‌වා සිටි ඒ මහතා 2015 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය කෙසේ හෝ ජයග්‍රහණය කළ යුතු වන බවත්, ඒ වෙනුවෙන් ඉදිරියේදී ඉතාමත් දැඩි තීරණ ගැනීමට සිදුවන බවත් ඒ සඳහා වන ඕනෑම තීරණ තීන්දුවක්‌ ගැනීමේදී තමා කිසි විටෙකත් නොපසුබට වන බවද සඳහන් කර සිටියේය.
“අපි දැන් දෙවරක්‌ම අනු ශූරයන් වුණා. නැවතත් අනුශූරයන් වෙන්න අපි සූදානම් නැහැ.2015 දී අපි අනිවාර්යෙයන්ම ලෝක කුසලාන දිනිය යුතුයි. ඒ වෙනුවෙන් ඉදිරියේදී ඉතාමත් දැඩි තීරණ ගත යුතුයි. එවැනි තීරණ ගන්න මම කිසි විටෙකත් පසුබට වෙන්නේ නැහැ” යනුවෙන් සඳහන් කර සිටියේය.

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පරිපාලනය අතුරු කමිටුවක්‌ හරහා සිදුවන අතර එහි වෙනසක්‌ ඉදිරියේදී සිදුවන්නේ දැයි මාධ්‍යයෙන් නැගූ පැනයකට පිළිතුරු දුන් ඒ මහතා, “අඩුපාඩුවක්‌ පෙන්නේ නැහැ. ලෝක කුසලාන තරගාවලිය ඉතාමත් හොඳින් සංවිධානය කළා. ඒ නිසා මෙහි වෙනසක්‌ කිරීමේ අවශ්‍යතාවක්‌ තියෙනවා කියලා මට පේන්නේ නැහැ. කොහොම නමුත් ඉදිරියේදී ඒ පිළිබඳව අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වනවා” යනුවෙන් පැවැසීය.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter