Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

Chat and Music නිරෝෂන්ට පොලිස් පහරදීමක්
මුහුණට ඇස්වලට හා දත්වලට තුවාලයි
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි
පළමු විවාහ සංවත්සරයේදී පහර කෑමට ලක්ව ඇත


ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදකයෙක් මෙන්ම චැට් ඇන්ඩ් මියුසික් වැඩසටහන මෙහෙයවන නිරෝෂන් ප්‍රේමරත්න පොලිසියේ පහරදීමකට ලක්වී ඇති බව වාර්තා වේ. පහර කෑමට ලක්වූ ඔහුගේ වම් ඇසට හා මුහුණට තුවාල සිදු වී එක් දතක් කැඩී ගොස් ඇති බවද දැනගන්නට ලැබේ.
මෙසේ ඔහු පහරකෑමට ලක්ව ඇත්තේ සිය බිරිඳ හා බිරිඳගේ සොහොයුරා සමඟ වාද්දූව ප්‍රදේශයේ පැවැති විවාහ මංගල්‍යයකට සහභාගී වී සිය මෝටර් රථයෙන් එමින් සිටියදිය.
වාර්තා වන පරිදි ඔවුන් මෝටර් රථයෙන් පැමිණෙමින් සිටියදී පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් පානදුර ඔරලෝසු කණුව අසලදී මෝටර් රථය නතර නොකිරීම ගැන ප්‍රශ්න කර තිබේ. නමුත් පොලිසියේ නිලධාරීන් වාහනය නතර කිරීමට සං×ා කල බව නිරෝෂන් ප්‍රේමරත්න දැක නැත. පසුව ඔවුන් පොලිසියට කැඳ වූ අවස්ථාවේදී නිරෝෂන්ට පහර දී තිබේ.
මෙම පහරදීමේදී තමාගේ ජංගම දුරකතනය හා රන් අත්පළඳනාවද අතුරුදන් වී ඇති බව නිරෝෂන් පවසයි.
පහර කෑමට ලක් වූ ඔහුව පානදුර රෝහලට ඇතුළත් කර පසුව කොළඹ ශික්ෂණ රෝහලට මාරු කර තිබේ. මේ වන විට ඔහු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
විශේෂම සිද්ධිය වන්නේ ඔහුගේ පළමු විවාහ සංවත්සරයේදී මෙසේ පහර කෑමට ලක්වීමයි.
කෙසේ හෝ මේ වන විට අදාළ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවද වාර්තා වේ.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter