Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

ගමෙන් එන තරඟකරුවන්ට
මධු මාධවගෙන් කැපිල්ලක්ද?
මේ දිනවල විවිධ රූපවාහිනී නාලිකා මඟින් විකාශය කරනු ලබන සුපිරි තරු තෝරන වැඩසටහන් ජනප්‍රිය වී තිබේ. ඒ පිළිබඳව පළවන වාර්තාද එමටය. රියැලිටි කලාව ලංකාවට හඳුන්වාදීමේ පුරෝගාමියා තමන් යැයි කියා ගන්නා සිරස ආයතනයෙන් ඉදිරිපත් කරන සිරස සුපර් ස්ටාර් වැඩසටහනද ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වී තිබේ.
සිරස සුපර් ස්ටාර් ජෙනරේෂන් ෆෝ නමින් නව ආකාරයකින් ඉදිරිපත් කරන මෙම වැඩසටහනේ අවසාන වටයට තෝරා ගන්නා සුපිරි තරු 12දෙනා වෙනුවට මෙවර 15ක් තෝරා ගෙන තිබේ.
මෙම වැඩසටහනේ විනිසුරුවන් ලෙස කටයුතු කරන්නේ කොරීන් අල්මේදා, මධු මාධව අරවින්ද සහ නිමන්ත හේෂාන් ගමගේ යන තිදෙනාය.
පසුගිය සතියේ අවසාන 15දෙනා අතුරින් 14ක් තෝරා ගැනීමේ තරඟය යෙදී තිබිණි. ප්‍රේක්ෂකයින්ගේ එස් එම් එස් මනාපයෙන් ඉදිරියට යන මෙම තරඟකරුවන් අතරින් අඩුම මනාප ලබා ගත්තේ කැබිතිගොල්ලෑවේ සිට පැමිණි මංජුලා සෙව්වන්දිය. ඇය විසින් එම තරඟයේදී ගායනා කළ ගීතයට මධු මාධව කිසිම විනිශ්චයක් ලබා දුන්නේ නැත. ඒ කෙසේ වෙතත් ඇය අඩුම මනාප ලබා ගත් දෙදෙනා අතරට එක්වද්දී මධු මාධව පැවසූයේ විනිශ්චයකරුවෙකු ඒ අවස්ථාවේදී පැවසීමට නුසුදුසු දෙයකි. විනිශ්චය මණ්ඩලයේ සිටින හේෂාන් ගමගේ මංජුලා 12නා අතරට යායුතු තරඟකාරියක් බව පැවසුවද මධු මාධව එය ප්‍රතික්ෂේප කළේය. මධු මාධවගේ මෙම ප්‍රකාශය ඇයගේ එස් එම් එස් මනාප අඩුවීමට හේතු වූවාද? ඔහුගේ කතාවෙන් වැටහෙන්නේ ඔහු ගමෙන් එන තරඟකරුවන්ට අකමැති බවද?
මංජුලා සෙව්වන්දිගේ ගීතයට මධු මාධව විනිශ්චය ලබා දෙන ආකාරය පහත වීඩියෝවෙන් දැක්වේ.

අඩුම එස් එම් එස් මනාප ලබා සිටින මංජුලාට මධු මාධව පවසන දෑ පහත වීඩියෝවෙන් දැක්වේ.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter