Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

mahindananda_aluthgamageශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව අද පාර්ලිමේන්තුවේදි වාද විවාද ඇති විය.එහිදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණනායක මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර කමිටුවක් තිබේද යන්න ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේය.

එයට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ එලෙස කමිටුවක් නොමැති බවය.
යළිත් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරමින් රවී කරුණනායක මහතා විමසා සිටියේ මුදලට තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් පවසන්නේ කුමක්ද යන්න පිළිබඳවය.එයට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ හෂාන් තිලකරත්න මන්ත්‍රීවරයා රූපවාහහිනි නාලිකාව මෙම ප්‍රකාශය පළමුවෙන් කළ බවය.

ඒ පිළිබඳව හෙලිකරන්නැයි හෂාන් තිලකරත්නට දැනුම් දුන් බව ඔහු එහිදී සඳහන් කළේය.නමුත් ඒ පිළිබඳව හෂාන් කිසිඳු හෙලිදරව්වක් නොකළ බැවින් රට තුළ බරපතල මතයක් ඇතිවන බැවින් පොලිස්පතිතුමාට පැමිණිල්ලක් කළ බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදි සදහන් කළේය.

මේ වනවිට හෂාන් තිලකරත්න දුරකථනයට කථා නොකරන බවත් ඔහු ආගිය අතක් නොමැති බවත් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter