Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

Fedrica-Janzසුදුකොඩි ප්‍රකාශය පිළිබඳ සන්ඩේ ලීඩර් පුවත්පතේ පළවීමෙන් පසු එය ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත් ආරක්ෂක ලේකම්වරයාගේ නියමයෙන් තමාව අත්අඩංගුවට ගනු ඇතැයි ෆෙඩ්රිකා ජෑන්ස් කියා සිටි බැවින් තමා එය ප්‍රතික්ෂේප කිරීමෙන් වැළකී සිටි බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.
සුදුකොඩි ප්‍රකාශයට අදාළ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී තුන්වෙනි දිනටත් විත්ති කූඩුවේ සිට සාක්ෂි ලබාදෙමින් ෆොන්සේකා මහතා මහාධිකරණය හමුවේ මෙම කරුණු අනාවරණය කළේය.

සුදු කොඩි ප්‍රකාශය සන්ඩේ ලීඩර් පුවත්පතේ පළවීමත් සමග එකී ප්‍රකාශයේ දෝෂ සහගත භාවය නිවරදි කරන්නැයි තමා ඉල්ලා සිටි බවද ෆොන්සේකා මහතා සඳහන් කර තිබේ.

එසේ වුවද සන්ඩේ ලීඩර් කතුවරිය පැමිණ හැඬූ කඳුළින් එය නිවරදි කරනු ලැබුවහොත් ආරක්ෂක ලේකම්වරයාගේ නියමයෙන් තමාව අත්අඩංගුවට ගනු ඇතැයි බිය පළ කළ බවද,එසේ හෙයින් එය නිවරදි නොකරන මෙන් තමාගෙන් ඉල්ලා සිටි බවද ෆොන්සේකා මහතා පවසා ඇත.

සන්ඩේ ලීඩර් කර්තෘ ෆෙඩ්රිකා ජෑන්ස් සමග කිසි දිනෙක සම්මුඛ සාකච්ඡාවක් නොපැවැත්වූ බවද සුහද සාකච්ඡාවකදී ඇය තමාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් තමා කළ ප්‍රකාශය වැරදි සහගතව පළ කිරීම නිසා මෙම අර්බුදය හටගත් බවත් හෙතෙම සඳහන් කර තිබේ.

එකී අවස්ථාවේ තමා ලබා දුන් ප්‍රකාශය ෆෙඩ්රිකා ජෑන්ස් විසින් සටහන් කර නොගත් බවත්,ඇය විසින් අධිකරණයට ඉදිරිපත් කළ සටහන් පොත ව්‍යාජ ලෙස සකස් කරන ලද්දක් බවත් ෆොන්සේකා මහතා අවධාරණය කළේය.

සුදුකොඩි ප්‍රකාශයට අදාළ නඩුව යළි හෙට දිනට කල්තබන ලදී.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter