ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්කාර මහතා ගේ යෝජනාවක් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙමළ භාෂාව කථා කිරීම පුහුණු කරන පාඨමාලාවක් හෙට ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. එම පාඨමාලාව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන සෑම බදාදා හා සිකුරාදා දිනකම උදේ වරුවේ පැය දෙකක් පැවැත් වේ. මෙම පාඨමාලාව මන්ත්‍රීවරුන් සඳහා හය මාසයක් පැවැත්වේග
ප්‍රථම කණ්ඩායමට ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ 30 දෙනකු ඇතුළත්වන අතර ප්‍රථම පුහුණු සැසිය හෙට කථානායක චමල් රාජපක්‍ෂ මහතා හා ඇමැති වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ.
Post a Comment
Your comment will be visible after approval