Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

upul-tharangaතහනම් උත්තේජක භාවිතා කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපුල් තරංගගේ එකී චෝදනා සනාථ වී ඇති බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය දන්වා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. පසුගිය ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා නවසීලන්තය සහභාගී වූ අවසාන පූර්ව තරගයේදී තහනම් උත්තේජක භාවිතා කළ බවට උපුල් තරංගට එරෙහිව චෝදනා එල්ලවී තිබුණු අතර මුත්‍රා සාම්පල් පරීක්ෂාවෙන් ඒ බව තහවුරු වී ඇතැයි සඳහන් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මෙම සිදුවීමට අදාළව පවත්වාගෙන යන පරීක්ෂණ අවසන්වනතුරු ඔහුට එංගලන්ත සංචාරයේ එක්දින තරග හා ටෙස්ට් තරගවලට සහභාගීවීමට අවසර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වේ.

Technorati Tags:

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter