Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

prew_surajක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ වැදගත් තොරතුරු අඩංගු වූ පරිගණක දෘඩ තැටි දෙකක් අතුරුදහන් වී ඇත.මේ පිලිබඳ එම කාර්යාලයේ අධ්‍යක්ෂ සුරාජ් දන්දෙණිය මහතා විසින් කුරුඳුවත්ත පොලිසියේ පැමිණිල්ලක් කල අතර එම පැමිණිල්ලට අනුව ඊයේ (14) සවස ‍කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීන් විසින් එම කාර්යාලය සෝදිසි කර ඇඟිලි සලකුණු ලබාගෙන තිබේ.
මෙම තැටිවල ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට අදාල මුදල් ගණුදෙනු පිළිබඳව තොරතුරු අඩංගු වී තිබී ඇති අතර කෝප් කමිටුව විසින් ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය විසින් කරනලද දුෂණ ක්‍රියා සම්බන්ධයෙන් එළඹෙන ජුලි මාසයේ පරීක්ෂණයක් කිරීමට දින නියමවී තිබුණු අතරතුර මෙම දෘඩ තැටිය අතුරුදහන් වී තිබේ.

පසුගිය ලෝක කුසලාන සමයේදී ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ විශාල වශයෙන් වංචා සිදු වූ අතර ඒ පිලිබඳ අප පෙර ලිපියකින් හෙළි කළා.මේවනවිට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය දැඩි මුල්‍ය අර්බුධයකට මුහුණපා ඇත.
මෙයට ප්‍රධාන හේතුව ලෙස දක්වා ඇත්තේ අනවශ්‍ය ව්‍යාපෘති සඳහා නිකරුනේ මුදල් වියදම් කිරීම හා ගසාකෑම් නිසාය.

සුරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගනය ඉදි කිරීමට හා අවට ප්‍රතිසංස්කරණයට  රුපියල් බිලියන 3.5 ක් ඇස්තමේන්තු කර තිබුනද ඉදිකිරීම් අවසන් කරන විට බිලියන 7 කට ආසන්න මුදලක් වැයකොට තිබුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික සංජිව රාජපක්ෂ මේ පිලිබඳ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට චෝදනා කලද එම චෝදනාව ප්‍රතික්ෂේප කරන ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශකොට ඇත්තේ සත්කාරකත්වය දරන රට විසින් ක්‍රීඩාපිටිය ඉදිකිරීමේ වියදම්ද දැරිය යුතු බවයි.
ප්‍රථමවතාවට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය මස වැටුප් ගෙවුයේ මහා භාණ්ඩාගාරයෙන් මිලියන 325 ක ණයක් ලබාගෙනය. 
මේ අතර ඊයේ මාධ්‍යය ඇමතු ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක කුසලාන කමිටු කාර්යාලයේ ප්‍රධානී සුරාජ් දන්දෙණිය ප්‍රකාශකොට සිටියේ හාර්ඩ් ඩිස්ක් සොරා ගැනීම මෙහි සුළු සේවකයෙකුට සිදුකල නොහැක්කක් බවත් එවැන්නක් කල හැක්කේ ඇතුලෙම සිටින පරිගණක දැනුම සහිත පුද්ගලයෙකු විසින් බව සඳහන් කළේය. 
ලෝක කුසලාන තරඟාවලිය සමයේදී ටිකට්පත්,තණතීරු ආවරණ, බත් පැකට් වංචා සිදුවුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුල් පුටුවල අනු දැනුම මත වන අතර විගණන වාර්තා ඇතුලත් දෘඩ තැටිය නැති වීම කාර්යාලය ඇතුලෙම ප්‍රධානීන්ගේ ක්‍රියාවක් බව විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter