Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

Savendra-Silva-150x150විදේශීය තානාපතිවරුන් හමුවේ චැනල් ෆෝ වීඩියෝ චිත්‍රපටය තිරගත කරමින් ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් කිරීම සඳහා හියුමන් රයිට්‌ස්‌ වොච්, ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සහ ක්‍රයිම් ගෘප් සොසෙයිටි නමැති එන්.ජි.ඕ. සංවිධාන සහ එකී චිත්‍රපටය නිර්මාණය කළ අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ පෙරේදා (21 දා) දහවල් නිව්යෝර්ක්‌හි දේවස්‌ථාන මධ්‍යස්‌ථානයේ දී දැරූ උත්සාහය මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ව්‍යර්ථ කර ඇත.මෙම සාවද්‍ය වීඩියෝ චිත්‍රපටය තිරගත වී ප්‍රශ්න අසන අවස්‌ථාවේ ජනරාල්වරයා එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ගේ අවහිරතා නොතකා ශාලාවට අවතීර්ණ වී තිබේ.

මේ වන විට එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ගේ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්‌වමින් සිටි එක්‌සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත පාලිත කොහොන චැනල් ෆෝ චිත්‍රපටය ගැන ප්‍රතිචාර දැක්‌වීමට සුදුසුම නිලධාරියා ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යෑයි ප්‍රකාශ කර ඇත.

එම අවස්‌ථාවේදී චැනල් ෆෝ අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ සිය චිත්‍රපටය ගැන සාවද්‍ය තොරතුරු දැක්‌වීමට සූදානම්ව සිටි අතර ජනරාල්වරයා දැකීම නිසා බරපතල අපහසුතාවකට මුහුණපා තිබේ.

“චැනල් ෆෝ” චිත්‍රපටයේ දර්ශනයක ගුවන් හමුදාව කැලෑවකට බෝම්බ දමන බව දැක්‌ වෙනවා. නමුත් තුවාලකරුවන් සිටින්නේ එළිමහනකයි. මේ දර්ශන එක්‌සත් ජාතීන්ගේ චන්ද්‍රිකා ඡායාරූපවලින් ලබාගත් බව පසුබිම් කථනයේ යෙදෙන තැනැත්තා පවසනවා. නමුත් දර්ශනයේ කෙළවර එම දර්ශන ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ලබාගත් දර්ශන යෑයි පෙන්නුම් කරනවා. මෙය මුළුමනින්ම විකෘති කිරීමක්‌ යෑයි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේය. එසේම චැනල් ෆෝ චිත්‍රපටයේ දමිල්වානි ඥන කුමාර් නමැත්තිය යුද අපරාධ සම්බන්ධව කරන ප්‍රකාශය සාවද්‍ය යෑයි දක්‌වමින් ඇය කොටි ත්‍රස්‌තයන් සමග එක්‌ව කටයුතු කළ තැනැත්තියක්‌ යෑයි ශවේන්ද්‍ර සිල්වා මහතා සාධක සහිතව තහවුරු කර ඇත.

මේ දමිල්වානි නම් දෙකකින් පෙනී සිටියා. ඇගේ වැඩිමහල් සොයුරිය කළ ප්‍රකාශ අප සතුව තිබෙනවා. දික්‌කසාද වූ තැනැත්තියක්‌ වූ දමිල්වානි බ්‍රිතාන්‍යයෙන් අතුරුදන් වූ බව වැඩිමහල් සොහොයුරිය පවසනවා. මාස 6 ක වීසාවකින් ශ්‍රී ලංකාවට පැමිණ ඇය කොටි කඳවුරක සිටියා. කොටි රෝහලකට ඇය සිටින අයුරු දැක්‌වෙන වීඩියෝ පට අපට හමුවුණා යෑයි ජනරාල්වරයා ප්‍රකාශ කිරීම නිසා චැනල් ෆෝ අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේට කට උත්තර නැතිවී තිබේ.

මෙහිදී නැගී සිටි මැක්‌රේ “ඔබ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන ජනාධිපති කොමිසමේ සාක්‌ෂි නුදුන්නේ මන්දැයි” ජනරාල් සිල්වාගෙන් ප්‍රශ්න කළේය.

“මම දෙවරක්‌ සාක්‌ෂි දුන්නා. ඒ සාක්‌කි අන්තර්ජාලයේ තිබෙනවා. ඔබගේ නොදන්නා කමට මට කරන්න දෙයක්‌ නැහැ. මාධ්‍ය සදාචාරය ගැන කතා කරන ඔබලා රාජ්‍ය විරෝධීන්ගේ උපක්‍රමවලට ගොදුරු වී තිබෙනවා” යෑයි ඊට ප්‍රතිචාර දැක්‌වූ ජනරාල්වරයා කියා සිටියේය.

මේ ප්‍රකාශයත් සමගම සභාවේ සිටි විදේශ තානාපතිවරු අත්පොළසන් දී ඇත. චැනල් ෆෝ අධ්‍යක්‌ෂ කැල්ලම් මැක්‌රේ ඒ සමගම නිහඬ වී තිබේ.

- සටහන දිවයින පුවත් පතින්

මෙම වීඩීයෝවේ ඇතුලත් වන්නේ ඔහුගේ කථාවේ කොටසක් පමණි….

Technorati Tags: ,

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter