උදාරිගේ පැමිණිල්ලේ පරීක්ෂණ අවසන් කර වාර්තාවක් දෙන්න - උසාවි නියෝග
ඔඩෙල් ආයතනයේ සේවක සේවිකාවන් විසින් තමන්ට අඩන්තේට්ටම් කරමින් තමාගේ ඡායාරූප මාධ්‍ය වෙත ලබාදී ඇති බවට චෝදනා කරමින් උදාරී චාමිකා වර්ණකුලසූරිය විසින් මීට ඉහතදී පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි. එම පැමිණිල්ල සම්බන්ධයෙන් වන සියළුම පරීක්ෂණ අවසන් කර ලබන ඔක්තෝම්බර් 17 වනදාට අධිකරණයට වාර්තාවක් ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි වෙංගප්පුලි මහතා විසින් ඊයේ (20)නියෝග කර තිඛෙන බව වාර්තා වෙයි.
ඔඩෙල් ආයතනයෙන් රෙදිපිළි සොරකම් කර ලඟ තබා ගැනීම සම්බන්ධව කුරුඳුවත්ත පොලීසිය විසින් ඇයව අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර තිබුණි. කුරුදුවත්ත පොලීසිය විසින් නගා තිබූ චෝදනා පිළිගත් ඇයට වසරකට අත්හිටවනු ලැබූ සිර දඩුවමක් ලබා දෙනු ලැබිණි.
Post a Comment
Your comment will be visible after approval