භාවිත කරන ලද උපත් පාලන කොපු යොදාගනිමින් කොණ්ඩා පටි නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් දකුණු චීනයේ ක්‍රියාත්මක කෙරෙන බව AFP පුවත් සේවය වාර්තා කරයි.නමුත් මෙම කොණ්ඩා පටි භාවිතය නිසා ලිංගික රෝග පැතිරයාමේ අවදානමක් පවතින බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා පෙන්වාදී තිබේ.
එරට බොහෝ කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන හා වෙළඳ මධ්‍යස්ථාන වලින් මෙම නිෂ්පාදනය මිලදී ගැනීමේ හැකියාව පවතින අතර මෙම හානිකර නමුත් ලාභදායි රබර් කොණ්ඩා පටි සඳහා එරට වෙළඳපොළ තුළ ඉහළ අලෙවියක් ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මෙම නිෂ්පාදන සඳහා ප්‍රතිචක්‍රීකරණය කරන ලද උපත් පාලන කොපු යොදාගත්ත ද ඒවායේ හානිකර වෛයිරස් හා බැක්ටීරියා අන්තර්ගත විය හැකි බව මාධ්‍ය වාර්ථා පෙන්වා දෙයි.
Post a Comment
Your comment will be visible after approval