Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

prew_sfvsdumindaහිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සහ ආණ්ඩුවේ අධීක්ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වා එකිනෙකාට එරෙහිව වාග් ප්‍රහාර අරඹා තිබේ.
පසුගිය 06 වනදා සුදුකොඩි නඩුව විභාගයට පැමිණි අවස්ථාවේ රැස්ව සිටි පිරිස ඇමතු සරත් ෆොන්සේකා
"අපි දැක්ක කොළොඹ දී ආරක්ෂක ලේකම් ගාව ඉන්න ස්ත්‍රී දුෂකයන්ගේ පොලු හමුදාව..ඔය පොලු හරඹ අපි වැඩි කාලයක් කරන්න දෙන් නෑ..බලයට ආපු ගමන් ඒ අයට විරුද්ධව අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.."

06 වනදා සරත් ෆොන්සේකා සිදු කල කතාවට දුමින්ද සිල්වා 09 වනදා පිළිතුරු දෙන්නේ විපක්ෂයේ ක්‍රියාමර්ග හෙලා දකිමින් රජයට සහයෝගය පල කරමින් කොළොඹ දී පැවැත් වූ උද්ඝෝෂනයකදීය

Duminda-Silva-60-60“මේ රටේ පැල්පතේ ජිවත්වන ජනතාව මේ පාරට බැහැලා රජය ශත්කිමත් කරන්න මේ ර‍ට බේරලා දීපු නායකයා වෙනුවෙන් ඉදිරිපත් වෙනකොට අද ඒ අයව පේන්නේ මේ  උදවියට කුඩු කාරයෝයි, ගංජා කාරයොයි, මංකොල්ලකාරයො විදියට..

පොලු ටිකක් අරගෙන මාධ්‍යට දැම්මා කියලා ඒකට අපිව වට්ටන්න හම්බවෙන්නෙ නැහැ. පොලු ගෙනාවෙ බැනර් අලවන්න. අපිට ගහන්න ආවනම් ගහනවා.

අද සරත් ෆොන්සේකා වගේ දූෂිතයෙක් කොහෙවත් නැ. ඊයේ පෙරේදා කියනවා මේ අපිත් එක්ක හැප්පෙන්න එන්න ඕන කියලා. එයාට හැප්පෙන්න ඕනනම් ඕන විදියකට හැ‍ප්පෙන්න ලෑස්තියි මමත් එයත් එක්ක...

හැබැයි එයා තාම ඇතුලේ. ඇතුලෙ ඉන්න එකාට පුළුවන්ද මේ එළියට ඇවිල්ලා මගෙත් එක්ක හැපෙන්න. එයාට ඕන්නම් හැප්පෙන්න එන්න. අපිත් ලෑස්තියි හැප්පෙන්න.ජන රැල්ලෙන් හැප්පෙන්නෙ"

දුමින්දගේ මෙම කතාව පිලිබඳ අද රැස් වූ සුදු කොඩි නඩුවට සහභාගී වූ  සරත් ෆොන්සේකා මහතාගෙන් මාධ්‍යය විමසු විට

sf"මම මීට කලින් ප්‍රකාශ කළා දැරියක් දූෂිත කරපු දාමරික මන්ත්‍රී ගැන. ඊ‍යේ එයා තොප්පි දාගෙන කෑ ගැහුවා. හැප්පෙන්න එනවා කිව්වා. මම කොටි හමුදාවත් එක්ක හැප්පුනාට සූකරයොත් එක්ක හැප්පෙන්න නැහැ. ඔය සූකර හමුදාවේ 500කට මගේ පස් දෙනෙක් ඇති"

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter