Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

නායකත්ව පුහුණුවේ ඛේදනීය අවසානය
Sewwandiඋසස් අධ්‍යාපන අමාත්‍ය එස් බී දිසානායක මහතාගේ මඟ පෙන්වීම යටතේ මේ දිනවල සරසවි නායකත්ව පුහුණු වැඩසටහන් සිදු කරගෙන යනු ලබයි. මෙම නායකත්ව පුහුණුව සරසවි ප්‍රවේශය ලැබූ සියලුදෙනාටම අනිවාර්ය කර තිබේ. සරසවි නායකත්ව පුහුණු කඳවුරක් මාදුරුඔය යුධ හමුදා පුහුණු කඳවුරේද ස්ථාපිත කර තිබේ. එම කඳවුරේ පුහුණුව ලැබූ එක් සිසුවියක් පසුගිය දිනයක අඩි 5ක් පමණ උස තාප්පයකින් පැනීමට යෑමේදී ඇද වැටීම නිසා වම් පාදයේ අස්ථි බිඳීමක් සිදු වී තිබේ. එම කඳවුරේදීම ඇයට දින 2ක් තාවකාලික ප්‍රතිකාර ලබා දී තිබුණත් යහපත් අතට පත් නොවූ නිසා පසුව ඇයව අරලගන්විල රෝහලට ඇතුළත් කර තිබේ. ඇයගේ පාදයේ තත්ත්වය බරපතල වූ නිසා ඇයව පොළොන්නරුව රෝහලට මාරුකර තිබේ.

                විසි හැවිරිදි වියේ පසුවන කේ. එස්. සෙව්වන්දී නම් වන මෙම සිසුවිය අනුරාධපුර දේවානම්පියතිස්සපුර, තිසාවැව, වටවන්දාන යන ලිපිනයෙහි පදිංචිව සිටින්නීය. සැත්කමින් පසුව ඇයට මාස තුනක් පමණ යනතුරු පාදය බිම නොතබන ලෙස වෛද්‍යවරු උපදෙස් දී තිබේ. ඇයගේ පියා ජීවතුන් අතර නොමැති අතර මව සුළු රැකියාවකින් සිය පවුල නඩත්තු කරන්නියක් බව දැනගන්නට ලැබේ. දියණියගේ ආවතේව කටයුතු සිදුකිරීමට තිබීම නිසා ඇය දැන් මහත් අසීරු තත්ත්වයකට පත්වී ඇති බව වාර්තා වෙයි.

ඡායාරූප - ලංකාදීප

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter