ශ්‍රීලංකාව යුධ අපරාධ සිදුකල බව සනාථ කිරීම සඳහා චැනල් 4 නාලිකාව විසින් ඔවුන් විසින් කලින් විකාශය කරන ලද හා නොකළ වීඩියෝපට හා ජායාරුප එකතුවක් ආශ්‍රයෙන් වාර්තාගත චිත්‍රපටයක් නිපදවා ඇත.
යුධ සමයේදී දෙමල වැසියන් විසින් වීඩියෝ ගතකරන ලද වීඩියෝ දර්ශන ඇතුලත් එම වාර්තාමය චිත්‍රපටය මෙම මස 14 වනදා චැනල් 4 නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිතය.
චැනල් 4 විසින් පළමු වර ඉදිරිපත්කල වීඩියෝව ව්‍යජ වීඩියෝවක් බව තහවුරු කලද දෙවන වීඩියෝව සම්බධයෙන් රජය නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ.
එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ක්‍රිස්ටොෆ් හේයින්ස් පසුගියදා ස්විස්ටර්ලන්තයේ ජිනීවා හී පිහිටි එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කොමිසම හමුවේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ චැනල් 4 විසින් දෙවන වරට ඉදිරිපත්කල වීඩියෝව සත්‍ය වීඩියෝවක් බව තාක්ෂණික ශිල්පින් තහවුරුකළ බවයි.
එය ශ්‍රී ලංකාවට විරුද්ධව ප්‍රබල සාක්ෂියක් වනු ඇතැයිද ඔහු ප්‍රකාශ කොට සිටියා.
මෙම වීඩියෝවේ එල්.ටි.ටි මාධ්‍යවේදිනියක් වන ලස්යිප්‍රියා ගේ සිරුරද දැක ගත හැක.
මේ පිළිබඳව ජාතික ආරක්ෂාව පිලිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේ වීඩියෝව පිලිබඳ කියා සිටියේ මෙම වීඩියෝවේ දෙබස් වෙන තැනකින් උපුටා ගෙන ඇති බවත් මාධ්‍යවේදිනිය පිලිබඳ ඉදිරියේදී සොයා බලන බවය.
Post a Comment
Your comment will be visible after approval