රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශ අධීක්ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් සහභාගී වූ උද්ඝෝෂණයක් අද කොළොඹ දී පැවැත්වුවා.
රජයේ යෝජිත පුද්ගලික අංශයේ විශ්‍රාමික වැටුප බලාත්මක කරන ලෙස හා එයට විරුද්ධ වන පාර්ශවයන්ට එරෙහිව මෙම උද්ඝෝෂණය පවත්වනු ලැබුවා.
මේ අවස්ථාවට කොලොන්නාව, තොටළඟ බන්ට් එක වත්ත, බොරැල්ල වනාතමුල්ල හා රාජගිරිය ඔබේසේකරපුර නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වූවා.
උද්ඝෝෂකයන් වෙත එක අයෙක් සඳහා රුපියල් 500 ක මුදලක්ද පුද්ගලයන් තුන් දෙනෙක් සඳහා එක අරක්කු බෝතලයක්ද දුමින්ද සිල්වා විසින් ලබාදී ඇති වාර්තා වනවා.
මෙම සියලු ගෙවීම් සම්බන්ධීකරණය කොට ඇත්තේ දුමින්ද සිල්වාගේ මහජන සම්බන්ධිකාරක දිනේව නමැති පුද්ගලයෙකු විසින්.
කටුනායක පැවති උද්ඝෝෂණයට එරෙහිව රජයට සහාය පලකරන උද්ඝෝෂණයක් පවත්වන ලෙසට උපදෙස් ලබාදී ඇත්තේ ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතායි.
සැප්තැම්බර් මාසයේ සිදුකරන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී දුමින්දටඅමාත්‍යධුරයක් ලබාදීමට මෙහිදී පොරොන්දුවී තිබේ.
Post a Comment
Your comment will be visible after approval