Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

kumar-sangakkaraක‍්‍රිකට් කී‍්‍රඩාවේ තිඹිරිගෙය ලෙස සැලකෙන ලන්ඩනයේ ලෝඞ්ස් කී‍්‍රඩාංගනයේ කී‍්‍රඩාගාරයේදී   ශ‍්‍රී ලංකා පිළේ හිටපු නායක කුමාර් සංගක්කාර එම්.සී.සී. ආරාධිත ක‍්‍රිකට් දේශනයට ඊයේ (05) සහභාගී වුණා. මෙතෙක් එම දේශනය පැවැත්වූ ළාබාලම කී‍්‍රඩකයා වන කුමාර් සංගක්කාර මෙරට ක‍්‍රිකට් ඉතිහාසය පිළිබඳව මෙන්ම මෑත කාලීන ප‍්‍රවණතා පිළිබඳව දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළා.

පැයක් පුරා පැවති දේශනයේදී ශ‍්‍රී ලංකා පිළේ හිටපු නායකයා අවධාරණය කළේ, තිස් වසරක යුද්ධය නිමාවෙන් පසු මෙරට සංහිඳියාව ප‍්‍රවර්ධනය කිරීම සඳහා ක‍්‍රිකට් කී‍්‍රඩාවට කාර්යභාරයක් පැවරී ඇති බවයි. එහෙත්, මෙරට ක‍්‍රිකට් පරිපාලනය දූෂණට පිටුදැකිය යුතු බවයි ඔහු අවධාරණය කළේ. ඒ සඳහා ක‍්‍රිකට් පරිපාලනය බලපෑම්වලින් තොර ස්වාධීන ආයතනයක් වියයුතු බව සංගක්කාර කියා සිටියා.

කී‍්‍රඩකයන් පාලක මණ්ඩලය තුළ බල අරගලයකට මැදි වුවහොත් එය කණ්ඩායමට අහිතකර බලපෑමක් ඇති කරන බවයි ඔහු සඳහන් කළේ. ක‍්‍රිකට් පරිපාලනය, විනිවිදභාවය සහ වගවීම තුළින් විශ්වසනීයත්වයක් ගොඩනැගිය යුතු බව කුමාර් සංගක්කාර එම්.සී.සී. ක‍්‍රිකට් දේශනයේදී අවධාරණය කර සිටියා.

සම්පුර්ණ දේශනය මෙතැන

Download Full Spech of Sangakkara MP3 (35MB)

Download the Sangakkara Speech Intro Mp3 Link

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter