Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

motherඅවුරුදු 14 ක බාල වයස්‌කාර දැරියක්‌ ළමා මවක්‌ වී ඇතැයිද ඇයට මාස 10 ක දැරියක්‌ සිටින බවද කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කොට්‌ඨාස කාර්යාංශය කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් කනිෂ්ක විඡේරත්න මහතා වෙත වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් කියා සිටියේය.

සුනාමියෙන් අවතැන්වී සිටි තම දැරිය දැන් සුනාමි නිවසක වෙසෙන අතර ඇය සමඟ පෙම් සබඳතාවය පැවැත්වූ තරුණයා ඇයට හොඳින් සලකන බව පරීක්‍ෂණවලදී අනාවරණය වූ බවද පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌විණි.

ළමා ආරක්‍ෂක අධිකාරියෙන් දෙන ලද උපදෙස්‌ අනුව පරීක්‍ෂණ පැවැත්වූ මෙම ළමා මවත් දැරියත් අසරණව සිටින දැරියගේ මව්පියන්ද මේ තරුණයා නඩත්තු කරන හෙයින් ඒ පිළිබඳව නීතිපති උපදෙස්‌ ලබා ගැනීමට සිදුවී ඇතැයි කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක මල්කා තුෂාරි මහත්මිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දක්‌වා ඇත.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter