ෆේස්බුක් / චැට් සෙල්ලම් බලගෙනයි
මුදල් වෙනුවෙන් පුද්ගලින්ට අපහස කරන්නන් නීතියේ රැහැනට
තොරතුරු තාක්ෂණයේ ප‍්‍රචලිත වීමත් සමගම ශ‍්‍රී ලංකාව තුල පරිගණක අපරාද වැඩිවීමේ රැුල්ලක් දැකගත හැකිය. මෙම අපරාධ වල ස්වරුපය විවිදාකාරය. මෙය මිනීමැරුම් කප්පම් ඉල්ලීමේ සිට වෙබ් අඩවි මගින් මුදල් ඉපයීම සඳහා පුද්ගලින්ට අපහස කිරීම දක්වා විහිදේ. ෆෙස්බූක් හරහා නොයෙකුත් අපහස කිරීම් හා අපරාද වලට සම්බන්ද ශ‍්‍රී ලංකික කිහිප දෙනෙකුට ශ‍්‍රී ලංකාව තුලදී දඩුවම් ලබාදීම් කිහිපයක් පිළිබඳව පසුගිය දිනවල වාර්තා විය. එසේම වෙබ් අඩවියක පළවූ චයාරුපයක් පිළිබඳව නඩුවක් දැනටමත් විභාග වෙමින් පවතී. එසේම පසුගිය දිනක වාර්තා වූ තවත් සිද්දියක් නම් හසන්ත හෙට්ටිඅරච්චි මහතාට අපහස වන පරිදි එක්තරා වෙබ් අඩවියක පළවූ පුවතක් සම්බන්දයෙන් ඔහු නීතියම ක‍්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
මෙවැනි ක‍්‍රියා මැඩලීම සඳහා ශ‍්‍රී ලංකාව තුල පරිගණක වෝහාරික විශේෂ ඒකකයක් ඇත. මෙම ඒකකය මගින් ෆෙස්බූක්, පරිගණක චැට් කිරීම්, අපහාස පුවත් වෙබ් අඩවි ඇතුළු ඕනෑම පරිගණක අපරාධයක් සිදුකරන පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගත හැකි බවත් මේ වනවිට බැංකු ගිණුම්වල දත්ත වෙනස් කර මුදල් ලබාගත් කාන්තා ඡුායාරූප වෙනස් කර කප්පම් ඉල්ලීම් ඇතුළු අපරාධ කිහිපයක සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා ඇති බවත් එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කර ඇත.
මෙහිදී අනාවරණය වන තවත් කරුණක් ඇත. එනම් පරිගණක හා අන්තර්ජාලය සම්බන්දව කරන කිසිදු කටයුත්තක් සැඟවිය නොහැකි බවයි. රජය ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවකදී අපරාද කරුවකු පිළිබඳව ඔහුගේ පෞද්ගලික තොරතුරු ලබාදීමට ටදදටකැ ආයතනය පවා බැදී සිටීමෙන් මෙය මනාව පැහැදිලි වෙයි.
Post a Comment
Your comment will be visible after approval