මාර්කට් එක හදාගන්න රඟපාන්න එන්නේ
ඕෂධී හේවාමද්දුම
අපි නම හදාගත්තේ විශාල කැපකිරීමක් කරලා
අනර්කලී ආකර්ෂා
රඟපාන්න එනවා ගණිකා වෘත්තිය ජනප‍්‍රිය කරගන්න
සේමිණී ඉද්දමල්ගොඩ
ප‍්‍රවීණ ජනප‍්‍රිය කිව්වම පාඨක අවධානය වැඩියි
ශ‍්‍රියානි අමරසේන
නම ගම ජායාරූප පළ කරන්න
නයනා කුමාරි
පසුගිය දිනවල ටෙලිනාට්‍ය නිළියන් කිහිපදෙනෙක්ම ගණිකා වෘත්තියේ නිරතවීම නිසා අත්අඩංගුවට පත්විණි. ජනප‍්‍රිය ටෙලිනාට්‍යවල තමන් රඟපාන බවද ඔවුන් පවසා තිබුණි. කෙසේ වෙතත් මොවුන්ගේ මෙම වැඩපිළිවෙළ පිළිබඳව ජනප‍්‍රිය මෙන්ම ප‍්‍රවීණ ටෙලිනාට්‍ය නිළියන් කිහිපදෙනෙක් සතිඅන්ත පුවත්පතකට දක්වා ඇත්තේ මෙවන් අදහසකි.
ඕෂධී හේවාමද්දුම
මාර්කට් එක හදාගන්න රඟපාන්න එන්නේ
කලාව තුළ වැඩකරන අපිවත් දන්නේ නෑ මේ අය කවුද කියලා. මමනම් කියන්නේ කරුණාකරලා ජනප‍්‍රියද ප‍්‍රවීණද කියන වචනේ පාවිච්චි
නොකර වැරැුද්දට දඬුවමක් විදියට නම හෙළි කරන්න. නම හෙළි කරපුවහම අපේ රටේ මිනිසුන් දන්නවා මේ කවුද කියලා.
අද කරන්නේ ජනප‍්‍රිය ටෙලිනාට්‍යක නමක් දාලා එහි රඟපාන අසවලා ගණිකා මඩමකදි හමු වුණා කියලා කියනවා. දැන් හැමෝම අරයාද මෙයාද කියලා හිතනවා. සමහර වෙලාවට හොඳ අය දෙස පවා බලන්නේ වැරදී කෝණයකින්. ඒ නිසා නම ප‍්‍රසිද්ධ කරන්න. කෙනෙකුට ලජ්ජාවක් තියෙනවානම් මෙහෙම දේවල් කරන්නේ නැහැනි. ගොඩක් වෙලාවට මේ අයගේ වෘත්තිය ගණිකා වෘත්තිය. මාර්කට් එක හදාගන්න ගණන වැඩි කරගන්න රඟපාන එනවා. ඒ එන්නෙත් දවසක දෙකක පොඩි කොටසකට. මෙහෙම නිළියක් කියලා අසුවුණාම ඒක කලාවේ ඉන්න අපට විශාල හානියක්. මම නම් ප‍්‍රවීණයන්ගෙන් ඉල්ලන්නේ මෙහෙම අහුවෙන අය ආයේ කලාවට වැද්දගන්න නැති විදියට ක‍්‍රමවේදයක් හදන්න කියන එක.
අනර්කලී ආකර්ෂා
අපි නම හදාගත්තේ විශාල කැපකිරීමක් කරලා
ඇත්තටම මෙහෙම වුණාම විශාල දුකක් දැනෙනවා. අද අපි මේ නම හදාගත්තේ විශාල කැපකිරීමක් කරලා. සමාජයට හොඳ නිර්මාණ ලබාදීලා. ඒත් මේ වගේ පහත් වැඩ කරලා අහුවුණාම ඒ අය ප‍්‍රසිද්ධ වෙන්නේ ප‍්‍රවීණ ජනප‍්‍රිය නිළියක් කියලා. මමනම් කියන්නේ මේ අයගේ නම් ප‍්‍රසිද්ධ කරන්න කියලායි.
ඇත්තටම මේ අය ප‍්‍රවීණ ජනප‍්‍රිය කියලා හඳුන්වාදීමම විශාල හානියක්. ඒක මේ ක්ෂේත‍්‍රයේ නළු නිළියන්ට පමණක් නෙමෙයි පවුල්වල අයටත් කරන විශාල හානියක්. මේ වගේ වැඩ කරලා අහුවුණාම අහවල් ටෙලිනාට්‍යයේ රඟපාල තියෙනවා කියල කියනවා. අද කලා ක්ෂේත‍්‍රයේ හොඳට ගෙවීමක් කරනවා. එහෙම එකේ ඇයි මේ වගේ වෘත්තීන්වල නිරත වෙන්නේ.
සේමිණී ඉද්දමල්ගොඩ
රඟපාන්න එනවා ගණිකා වෘත්තිය ජනප‍්‍රිය කරගන්න.
අද සමහරු රංඟන වෘත්තියට එනවා ගණිකා වෘත්තිය ජනප‍්‍රිය කරගන්න. පත්තරයක පින්තූරයක් දාගෙන ටෙලිනාට්‍යක පොඩි කොටසක් දාගෙන ඒ අය තමන්ගේ වෘත්තීය ජනප‍්‍රිය කරගන්න උත්සාහ කරනවා. අද අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරු නිර්මාණවලට හොයන්නේ දක්ෂ ශිල්පීන් නෙවෙයි. අඩු මුදලට ගන්න පුළුවන් ශිල්පීන්.
මේ එන අය අඳුනගන්න කාටවත් බැහැ. ඒ නිසා අද මාධ්‍යට විශාල වගකීමක් තියෙනවා මෙහෙම කෙනෙක් අහුවුණාම ජනප‍්‍රියද ප‍්‍රවීණද කියන තැන දෙන්න පුළුවන්ද කියන දේ තීරණය කරන්න. මෙහෙම දේවල් වෙන එක රංඟන ශිල්පීන්ට විශාල හානියක්. මෙය කතිකාවකට බඳුන් විය යුතුයි.
ශ‍්‍රියානි අමරසේන
ප‍්‍රවීණ ජනප‍්‍රිය කිව්වම පාඨක අවධානය වැඩියි
මෙහෙම දෙයක් අහුවුණාට පස්සේ එය ප‍්‍රචාරය කරන ආකාරයේ විශාල වැරැුද්දක් තියෙනවා. ප‍්‍රවීණ ජනප‍්‍රිය ටෙලිනාට්‍ය රංඟන ශිල්පිණියක් කිව්වම පාඨක අවධානය යොමුවෙනවා වැඩියි. ඇත්තටම කලාවෙන් අපේ රටට විශාල කීර්තියක් ජාත්‍යන්තර කීර්තියක් ගෙන එන්න මේ කලාවේ නියැලෙන කලාකරුවන්ට හැකියාව ලැබිලා තියෙනවා.
නමුත් මෙවැනි පහත් සිදුවීම් මුල් කරගෙන මෙවැනි ප‍්‍රකාශ භාවිතාවීම කලාවට යහපත් දෙයක් නෙවෙයි. ඇත්තටම අද වෙබ් අඩවි හෝ පත්තර කලාකරුවන් පිළිබඳ තොරතුරු සමාජයට ලබාදෙනවා. නමුත් මෙවැනි සිදුවීම් එක්ක ඒ සියල්ල දෙසම පහත් විදිහට දැකීම අනුමත කරන්න අමාරුයි. ඒ සියල්ල දෙස සමබරව බැලීමයි වැදගත්. අද ලෝකයේ හැම ක්ෂේත‍්‍රයකම හොඳ නරක කියන දේ සිද්ධවෙනවා.
නයනා කුමාරි
නම ගම ජායාරූප පළ කරන්න
මම මූලිකවම කියන්නේ මෙහෙම දෙයක් අහුවුණාම නම ගම සමඟ ඡුායාරූපයක් ම ප‍්‍රසිද්ධ කරන්න. එහෙම නැතුව අසවල් ටෙලිනාට්‍යයේ කියලා වහෙන් ඔරෝ කියන්නේ නැතුව කෙළින් ම මෙහෙම ප‍්‍රසිද්ධ කරන්න. අද අපි හැමෝ ම දන්නවා කලාව ඇතුළේ ඉන්න පිරිස ගැන. ඒ අය කවුද කියන එක. නමුත් සාමාන්‍ය ජනතාව මෙය දන්නේ නැහැ. ඒ නිසා ඒ අයට කරන සාධාරණයක් විදිහට ප‍්‍රසිද්ධ කරන එකයි වැදගත්. මොකද අපි මේ විදිහට කලාකරුවන් විදිහට රැුඳීලා ඉන්නේ ජනතාව හින්දා.
කවුරුන් නොදන්නා පිරිසක් කරන වැඩ නිසා ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයේ නිළියන් ගැරහීමට ලක්වෙනවා. මම කියන්නේ මෙවැනි වැටලීම්වලදී අසුවෙන සියලූ දෙනාම ප‍්‍රචාරයට පත් කරන්න ඕන. ලැජ්ජාවක් බයක් නැති නිසානේ මේ දේවල් කරන්නේ. මාධ්‍යයට විශාල වගකීමක් තියෙනවා. මේ ටෙලිනාට්‍යයක දෙකක හිටගෙන ඉන්න කෙනෙකුට ප‍්‍රසිද්ධ නිළියක් කියලා මෙහෙම දේකදී ප‍්‍රසිද්ධ කරනවට. ඇත්තටම ඔය පසුගිය කාලයේ ගණිකා මඩම්වලදී අසුවුණ කිසිම කෙනෙක් ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයේ අපි දැකලා හුරු පුරුදු අය නෙවෙයි. නැවත නැවතත් මම කියන්නේ මේ අය ඡුායාරූප සමඟ නම ගම හෙළිකරන්න කියලයි.
Post a Comment
Your comment will be visible after approval