Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

STFකහවත්තේ මිනීමරුවා සොයා
මෙහෙයුම් ඇරඹෙයි

පසු ගිය කාලයේ කහවත්ත ප්‍රදේශය බියෙන් ඇලලී තිබුණි. අභිරහස් අන්දමින් කාන්තාවන් ඝාතනය වීම එයට හේතුවයි. කෙසේ නමුත් මේ වන විට කාන්තාවන් ඝාතනය කොට සැඟවී සිටින මිනීමරුවා සොයා පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් කහවත්ත ප්‍රදේශයට ගොස් තිඛෙන බව වාර්තා වෙයි.
          ආරක්ෂක ලේකම්වරයාගේ හා පොලිස්පතිවරයාගේ නියෝග මත ප්‍රධාන පොලිස් පරීක්ෂකයකුගේ ප්‍රධානත්වයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ සියදෙනෙක් පමණ මෙම මෙහෙයුමට සහභාගී වී තිබේ. ඊට අමතරව විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ද එම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා ගොස් තිඛෙන බවත් වාර්තා වෙයි.

       කෙසේ වෙතත් ඊයේ දිනයේ කහවත්ත නගර මධ්‍යයේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැති බවද වාර්තා වෙයි. මිනීපෙට්ටියක්ද පාර මැද තබා ටයර් පුළුස්සමින් ක්‍රියා කළ ඔවුන් වැඩි විරෝධයක් දැක්වූයේ කහවත්ත පොලීසිය කෙරෙහි බවද දැනගන්නට ලැබේ.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter