ශ්‍රී ලංකාවේ රූ රැජිණක් ලෙස ඔටුණු පළඳා පසුව බොලිවුඩ් සිනමාවට එක් වූ සුරූපී නිළි ජැකොලයින් ෆර්නෑන්ඩස් හා බහරේන් රටේ රජ කුමරෙක් වන ෂෙයික් හසන් බින් අතර තිබූ පෙම් සබඳතාවය බිඳ වැටී ඇති බව වාර්තා වෙයි. වසර දෙකක් පමණ ඔවුන් ආදරයෙන් සිටි බවත් වාර්තා වෙයි.
බොහෝ නිළියන්ට වගේම ජැකොලයින් පිළිබදවත් නොයෙක් කට කතා පැතිර තිබේ. ඇයට එල්ල වන මෙම කටකතා හේතුවෙන් ඇති වූ ප්‍රශ්නයක් දුර දිග යාම නිසා දෙදෙනාම වෙන් වී ඇති බව දැනගන්නට ලැබේ.
කෙසේ වෙතත් ඇතැම් මාධ්‍ය පවසන්නේ ජැකොලයින් මුල් කාලයේදී සිය පෙම්වතා වෙනුවෙන් වැඩි කාලයක් කැප කළත් පසුව ඇය සිනමාවට පිවිසීමත් සමඟ සිනමාව වෙනුවෙන් බොහෝ කාලය කැප කිරීම නිසා ඔවුන් දුරස් වී ඇති බවයි.
Post a Comment
Your comment will be visible after approval