පේ‍්‍රක්ෂකයින් මවිත කළ අසහාය ගායනය
සිරස සුපර් ස්ටාර් යනු ශ‍්‍රී ලංකාවට රියැලිටි කලාව හඳුන්වා දුන් ප‍්‍රථම වැඩසටහනයි. දැන් සෑම තැනකම රියැලිටි වැඩසටහන්ය. එහි ප‍්‍රථිපලයක් ලෙස පේ‍්‍රක්ෂකයින්ට රියැලිටි ඉස්මුරුත්තා වී ඇත. බොහෝදෙනා සුපර්ස්ටාර් වන්නේ වැඩසටහන් නිෂ්පාදකවරයාගේ කැමැත්ත හෝ තොග ගණනට එස් එම් එස් යැවිය හැකි යන්ත‍්‍රවලට පින්සිදු වන්නටය.
්‍යැිය්බ ඨ්ප්ටැ
බොහෝවිට ලැබෙන එස් එම් එස් ප‍්‍රමාණයද තම උපන් ප‍්‍රදේශය හා එහි සිටින තරඟකරුවන් ප‍්‍රමාණය අනුව තීරණය වේ. එසේ බලන කළ මෙය තලූ මරමින් රස විඳින මායාවකි. මෙම තරඟයේ තරඟකරුවන් ඉවත්වන ආකාරයෙන් මෙය මනාව පැහැදිලි වෙයි.
තත්ත්වය මෙසේ වුවත් ඊයේ දිනයේ සුපර් ස්ටාර් වේදිකාවේ තිසර චානක විසින් ඉදිරිපත් කරන ලද ගායනය විනිශ්චය මණ්ඩලය , වාදක මණ්ඩලය හා පේ‍්‍රක්ෂකයින් අමන්දානන්දයට පත් කළේය. මෙහිදී විනිශ්චය මණ්ඩලයේ සංගීත ඥානයෙන් උසස් තැනක සිටින හේෂාන් ගමගේ ප‍්‍රකාශ කර සිටියේ තමා මෙම ගායනය ඉදිරිපත් කළේනම් මෙතරම් සාර්ථක වන්නට ඉඩ නොතිබුණ බවයි.
ඔයසි්ර් ක්‍ය්බ්න්
සිරස සුපර් ස්ටාර් ජෙනරේෂන් 4 වැඩසටහන තුළදී ප‍්‍රථම වතාවට සියලූ දෙනාම නැගිට ආචාර කිරීමට තරම් එය විශිෂ්ට ගායනයක් විය. කමකට නැති සීනිබෝල සුපර් ස්ටාර් කෙනෙක් බිහිකිරීමට වඩා මධු මාධව කිවූ පරිදි මෙවැනි අයෙකුට එස් එම් එස් එකක් යවා ධෛර්යමත් කිරීම පව් නොවන ක‍්‍රියාවකි.
Post a Comment
Your comment will be visible after approval