වෙනස් දුරකථන සම්බන්ධතා ජාල අතර ඇමතුම් ගැනීමේදී අයකරන ගාස්‌තු අඩු කිරීමට එම දුරකථන සමාගම්වලට ඉඩ සැලසෙන පරිදි නව නියමයක් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත. එම නව නියමය ඉකුත් 13 වැනිදා නිකුත් කර තිබේ.
දැනටමත් එම කොමිෂන් සභාව විසින් මේ අලුත් නියමය සියලුම දුරකථන සමාගම් වෙත දැනුම් දී ඇත.නව තීරණය අනුව කිසියම් දුරකථන සම්බන්ධතා ජාලයකින් බාහිර දුරකථන සම්බන්ධතා ජාලයකට ඇමතුම් ගැනීමේදී අයකරන ගාස්‌තු අඩු කිරීමට අවස්‌ථාව ලැබේ.
ඒ අනුව තත්ත්පරයට ගාස්‌තු අයකරන ක්‍රමයේදී විනාඩියක් සඳහා මෙතෙක් අයකළ රු. 2.50 ක ගාස්‌තුව රු. 2.00 දක්‌වා සහ විනාඩියකට ගාස්‌තු අයකරන ක්‍රමයේදී විනාඩියක් සඳහා අයකරන රු. 2.00 ගාස්‌තුව රු. 1.50 දක්‌වා ද අඩු කිරීමට දුරකථන සමාගම්වලට අවස්‌ථාව උදා වේ.
මෙසේ ගාස්‌තු අඩු කිරීම අනිවාර්යය නොවන අතර කැමැති දුරකථන සමාගම්වලට මේ නව නියමය යටතේ දුරකථන ගාස්‌තු අඩු කිරීමට අවස්‌ථාව ඇත. එහිදී ඔවුන් ඒකකයකට අයකරන මිල ගණන් ඔවුන්ගේ ඒ සඳහා වන සමාගමේ වියදමට වඩා අඩු බවට බාහිර විගණන ආයතනයකින් සහතිකයක් ඉදිරිපත් කළ යුතු වේ.
Post a Comment
Your comment will be visible after approval