Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

accident-prewඊයේ (16) උදෑසන කොළොඹ නුවර ප්‍රධාන මාර්ගයේ කිරිකඩේ මංසන්ධියේ බස් රථයක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීම හේතුවෙන් මෝටර් රථයේ ගමන් ගත් එකම පවුලේ මව පියා සහ අවරුදු එකහමාරක් වන ඔවුන්ගේ දරුවාද මරුමුවට පත්වී තිබෙනවා.

මෙම අනතුර සම්බන්ධව බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

අනතුරෙන් මිය ගිය කහතුඩුවේ තනුජ් අනතුරට පත් මෝටර් රථය මිලදී ගෙන ඇත්තේ මෑතකදී වන අතර එම රථය මිලදී ගැනීමේදී ඔහුගේ බොහෝ මිතුරන් එය මිලදී ගැනීමට විරුද්ධ වී තිබෙනවා.

එයට හේතුව වන්නේ මෝටර් රථයේ අංක තහඩුවේ ඉලක්කම්වල එකතුව 13 වීමයි.

නමුත් තනුජ් එම මෝටර් රථය මිලදීගෙන ඇත්තේ එම මිත්‍යා මත උපහාසයෙන් බැහැර කරමින්.නමුත් දෛවයේ සරදමකට මෙන් ඔහු මිලදී ගත් මෝටර් රථය ඔහුගේ මුළු පවුලටම අවාසනාව ගෙනවිත් තිබෙනවා. 

අංක 3 නපුරුයි, 13 හොද නැහැ, අසුභ ඉලක්කමක් යනුවෙන් අපේ ජන සමාජයේ මුල් බැසගෙන තිබුනේ ඈත අතීතයේ පටන්මයි.

මෙය තදින්ම බලපෑවේ වාහනවල අංකය සම්බන්ධයෙන්.අංක 13 එකතුව ඇති වාහන දෙවන වරට විකිනීමට බොහෝ අපහසු වූ අතර නව වාහනයක් මිලදී ගැනීමේදී අංක 13 එකතුව එන වාහන මිලදී ගැනීමට බොහෝ දෙනා අකමැති වුහ.

අංක 13 අසුභ ඉලක්කමක් බව ජෝතිශ්‍යයේවත් පෙරදිග අංක ශාස්ත්‍රයේත් සඳහන් වන්නේ නැහැ.එය අපට පැමිණ ඇත්තේ බටහිර රටවලිනි.

බටහිර රටවල් අංක 13 සලකන්නේ ඉතාමත් අසුභ ඉලක්කමක් ලෙසයි.

අංක 13 මානසික භීතිකාව හදුන්වන්නේ ට්‍රිස්කයිඩෙකා ෆෝබියා යනුවෙනි.  
අංක 13 අත්භූත ඉලක්කමක් බවට පත්වීමට බලපාන හේතු රාශියක් බටහිර රටවල් ඉදිරිපත් කරනු ලබයි.

ඉන් සමහරක් පහත දැක්වේ  

ජේසුස් වහන්සේගේ අවසන් භෝජන සංග්‍රහයට සහභාගී වූ ගණන 13 ක් වීම. 

හතරවන පිලිප් රජු විසින් ප්‍රංශයේ සිටින “නයිට් ටෙම්ප්ලාර්” අත් අඩංගුවට ගනු ලැබීම හා දරුණු වධ හිංසා පැමිණවීම සිදු කලේ 13 වන සිකුරාදා දිනකදීය. 

ඇස්ටෙක්වරුන් 13 ඉලක්කම පුජනිය ඉලක්කමක් ලෙස විශ්වාස කළහ.ඔවුන්ගේ දින දර්ශනයේ සතියකට දින 13 ක් විය.

මෙටට්‍රෝන් ඝනකය සැදී ඇත්තේ වෘත 13 කිනි. 

ඇපලෝ 13 යානය අප්‍රේල් 13 වන දිනක අනතුරට පත්වීම

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter