-පොලිස් කොස්තාපල්වරයෙක් මරුට-5 ක් රෝහලේ පුත්තලම-මහල්ගුණ්ඩුව ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීමට යාමේදී පොලීසිය හා ප්‍රදේශවාසීන් අතර ගැටුමක් හටගෙන තිබේ.
එකී ගැටුමෙන් වෙඩිතැබීමක්ද සිදුව ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස තුවාල ලැබූ පුද්ගලයින් 5 දෙනෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි අද දෙරණ වාර්තාකරු පවසයි.
තුවාල ලැබූවන් අතර ස්ත්‍රීයක් හා 13 වියැති දරුවෙකුද සිටින බව සඳහන් වේ.
අද පස්වරුවේ ග්‍රීස් යකෙකු පැමිණි බවට වූ ආරංචියත් සමග ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගතව ඇති අතර ප්‍රදේශවාසීන් විසින් යතුරුපැදියක් ගිනි තබා විනාශකරමින් කෝලාහල කළ බව අප වාර්තාකරු කියා සිටියි.
මෙම ගැටුමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයෙකු මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
Post a Comment
Your comment will be visible after approval