හිස බූ ගෑම බොලිවුඩයටත් පැතිරෙයි
ලාංකික නිළියන් විවිධ චරිත නිරූපණයේදි හිස බූ ගෑම පසුගිය කාලයේදී දක්නට ලැබුණි’ එසේ හිස බූ ගෑ අය අතර සේමිණී ඉද්දමල්ගොඩ හා ඕෂධී හේවාමද්දුමද විය’ ඕෂධී විසින් හිසකෙස් බූගාන ලද්දේ මහින්දාගමනය චිත‍්‍රපටයේ අනුලා තෙරණියගේ චරිතයටය’ සේමිණී විසින් ‘නෙතු පියෙන තුරා’ ටෙලිනාට්‍යයේ පිළිකා රෝගයකින් පීඩා විඳින කාන්තාවකගේ චරිතය
සඳහා හිස බූගාන ලදි’
මේ අතර බොලිවුඞ් නිළි ශිල්පා ෂෙට්ටිද පැවිදි චරිතයක් සඳහා හිසකෙස් නොකපා තට්ට හිසක ස්වරූපයෙන් චරිතයකට පණ පොවනු ලැබේ’ ‘ඩිසයර්’ නම් චිත‍්‍රපටය සඳහා ශිල්පා ෂෙට්ටි මෙසේ පැවිදි චරිතයකට පණ පොවයි’
ඉන්දියානු නර්තන ශිල්පිණියක් චීන කලාකරුවකු සමඟ පෙමින් බැඳී” පසුව පැවිදි වීම මෙම ‘ඩිසයර්’ චිත‍්‍රපටයේ කතා පුවතයි’ශිල්පාගේ හිසකෙස් නොකපා තට්ට හිසක ස්වභාවය ගන්නට වේශ නිරූපණ ශිල්පීන්ට පැය තුනක පමණ කාලයක් ගත වී ඇති බවටයි ඊ ගොසිප් වෙතට වාර්තා වන්නේ’ එසේම ශිල්පාගේ මව සිය දියණියගේ හිසකෙස් සැබෑවටම කපනවාට අකැමැති වී තිබෙන බවත් දැනගන්නට ලැබේ’
ශිල්පා විසින් වේශ නිරූපණ ශිල්පීන් මඟින් සිය හිසකෙස් තට්ට හිසක ස්වභාවයට පත් කර ගත්තද බොලිවුඞ් පුරයේ විවිධ චරිත නිරූපණය කිරීමට සැබෑවටම හිස බූගාගත් නිළියන්ද නැත්තේම නොවේ’ අමොල් පලේකාර්ගේ ‘ඇන්ඞ් වන්ස් අගේන්’හි මෙහෙණියකගේ චරිතය සඳහා අන්තරා මාලී නම් නිළිය විසින් හිසකෙස් බූ ගා තිබෙන බවත් දැනගන්නට ලැබේ’
Post a Comment
Your comment will be visible after approval