දොලොස් හැවිරිදි දැරියක අපයෝජනයට ලක් කළ බවට චෝදනා එල්ල වී සිටින මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය නාමල් වැවේ රතනසාර හිමියන් ලබන 07වන දිනතෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය නියෝග කළාය.
අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාර හිමිනමට ලබාදුන් ඇප නියෝගය බලරහිත කරමින් අදාළ නියෝගය දෙනු ලැබිණි.
මීට අදාළ පැමිණිල්ල අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි විභාගයට ගැනිණි.
පසුගිය නඩු වාරයේදී සැකකාර හිමි නමට ඇප ලබාදීමට විරුද්ධ නොවූයේ ද යන්න පිළිබදව මෙහිදී මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා ඇත.
Post a Comment
Your comment will be visible after approval