ආදරේ කරන්න ගිහින් දෙපාරක් රැවටුනා
නදීශා අලහප්පෙරුම………………………………….
නදීශා අලහප්පෙරුම චරිතාංග රංගන ශිල්පිණියක් ලෙසට ප්‍රේක්‌ෂකයාගේ අවධානයට ලක් වූ චරිතයක්. නිවේදිකාවක් ලෙසට ප්‍රේක්‌ෂකයන් අතරට ප්‍රවිෂ්ට වුවත් වසර හතක් තුළදී නිළියක් ලෙසට ඇය ක්‍ෂේත්‍රය තුළ ගොඩනඟාගත් ප්‍රතිරූපය නිසාම නිරතුරුවම නිර්මාණ අතර රැඳී සිටීමේ අවස්‌ථාව ඇයට උදාවී තිබෙනවා. මේ දිනවල විකාශය වන රුවන් මාලිගා හා රන්සමනලයෝ ටෙලි නාට්‍ය නදීශා වර්තමානයේ සැරිසරන නිර්මාණ අතර වනවා.
නදීශා ජීවිතේ රැවටිලා තියෙනවද?
අපොයි ඔව්.
රන් සමනළයෝ හි සිතුමි වගේ ආදරේදිත් රැවටිලා තියෙනවද?
දෙපාරක් විතර
ඇයි එහෙම රැවටුණේ?
ආදරේදි විතරක් නෙවෙයි මම ජීවිතේ රැවටුණා නම් රැවටෙන්න ඇත්තේ ඒ දේවල් ගැන තේරුම් නොගත්ත නිසා වෙන්න ඇති.
ආදරේදි රැවටුණේ නිළියක් ලෙසට ජනප්‍රිය වුණාට පස්‌සෙද?
ක්‍ෂේත්‍රයට එන්න කලින් තමයි ඒ සිද්ධීන් දෙකටම මූණ දුන්නේ. ඒ අතරේ තමයි අදහසක් තිබුණේ රඟපාන්න එන්න. ඒ නිසා ලොකු දුකක් ඇතිවුණත් කාලයාට සියලුම දේ භාරදීලා මගේ ජීවිතේ බලාපොරොත්තු වෙන ඉලක්‌කවලට යනවා කියලා හිතුවා. ඉලක්‌ක ජයගනිමින් යන අතර වාරෙදි තමයි මගෙ සැමියා අමිලව මුණගැහුණේ.
පෙම්වතියගේ චරිතය රඟපෑවත් දැන් පෙනුම ගැන හිතන්න වෙලානේද?
මේ කාලයේ වැඩි දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඕක. සමහර කාලවලදි පෙනුම ගැන හිතුවේ නැති වුණත් මේ දවස්‌වල කුමක් අතට ගත්තත් කන්න කලින් දෙපාරක් හිතනවා. ඇත්තටම උත්සාහ ගන්නවා ඇඟේ මහත අඩුකරගන්න.
රංගන ශිල්පිණියක් ඒ ගැන අනිවාර්යයෙන් සිතිය යුතුයි නේද?
ඇත්තටම ඔව්. මොකද අපි දිහා බලාගෙන ඉන්න පිරිස වැඩියි. ඒ අයගේ උනන්දුව නිසා තමයි අපි ක්‍ෂේත්‍රයේ රැඳිලා ඉන්නේ. ඒ නිසා ප්‍රේක්‌ෂක කැමැත්ත ගැනත් හිතලම තමයි ජිම් යන එකයි කෑම පාලනය කිරීම ගැනයි වැඩිපුර හිතන්නේ.
ඒ නිසාද දැන් ඉස්‌සරට වඩා නිර්මාණවල නැත්තේ
එහෙම නිර්මාණවල අඩුවක් අද වෙනකම් තේරිලා නම් නැහැ. නිර්මාණවලට කතා කරන අය මහත වැඩියි කියලා ප්‍රතික්‌ෂේප වෙලා තියෙනවද කියලා නම් දන්නෙ නැහැ. කොහොම වුනත් එදාට වඩා වැඩි නිර්මාණ ප්‍රමාණයකට අද කතා කරනවා. ඒ නිසා ගෙදර වැඩ ගැනවත් බලන්න වෙලාවක් නැහැ.
විවාහයෙන් පසුවත් චරිත සීමා කිරීමක් කළාද?
එහෙම කළේ නැහැ. නිර්මාණ කිහිපයකම වැඩ එක දිගටම කළා. ඒ නිසා අලුතින් ලැබුණු නිර්මාණ කිහිපයක්‌ම ප්‍රතික්‌ෂේප කරන්නත් සිද්ධ වුණා. හම්බවෙන හැම නිර්මාණයක්‌ම නැතිව මට ගැළපෙන නිර්මාණවල දිගටම රැඳී සිටියා.
මේ දවස්‌වල බොහොමයක් නිළියන්ගේ පවුල්වලට හරි අපලයි නේද?
ඔව්. ගොඩක් අයට ප්‍රශ්න ඇතිවුණා. ඒ හැම ප්‍රශ්නයකදිම හැමෝම ඇඟිල්ල දිගු කළේ නිළියට. මොකද සමාජය අඳුනන්නේ එයාව නිසා. නමුත් ඒ ප්‍රශ්නවලදි ගැහැනිය නැතිව පිරිමියා වැරදි වෙන්න ඇති. වරද පටවන්නේ ප්‍රසිද්ධියටනේ.
නදීශාගේ පවුල් ජීවිතය අපූරුවට ගෙන යැමේ රහස මොකක්‌ද?
මගේ සැමියාත් ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෘත්තියක නියෑලෙන්නේ. ඒ නිසා අපි දෙන්නගෙ ජීවිත ගැන දෙන්නට දෙන්නගෙ හොඳ අවබෝධයක් වගේම ආදරයක් තියෙනවා. මගෙ සැමියා කිව්වොත් අද රඟපාන්න එපා කියලා ඇත්තටම මම අයින් වෙනවා.
ඔයා මොනවා කළත් සැමියා විශ්වාස කරනවාද?
ඔව්. ඒක තමයි සැමියා බිරිඳ අතර තිබෙන විශ්වාසය කියන්නේ. මටත් පුළුවන් ඔහුව සැක කරන්න. නමුත් මම දන්නවා එයා මගෙ විශ්වාසය කඩකරන්නේ නෑ කියලා. ඒ බැඳීම නිසා තමයි අපි දෙන්නා ගොඩක් සතුටින් ඉන්නේ.
නමුත් දැන් දැන් ක්‍ෂේත්‍රයේ ගොඩනැගෙන කතාත් එක්‌ක විශ්වාසය පලුදු වෙනවාත් ඇති නේද?
මම ගෙදරින් පිටත්ව රූගත කිරීම්වලට ගියත් ඒ හැම මොහොතකම දුරකථනයෙන් අපි දෙන්නා කතා කරනවා. හවසට අමිලගෙ වැඩ කලින් ඉවර වුණොත් එයා එනවා මාව ගන්න. අපේ ජීවිතවලට බාහිර ප්‍රශ්න එන්නේ අනවශ්‍ය පුද්ගලයන් ආශ්‍රය කළහමනේ. ඒ නිසා සීමිත පිරිසක් තමයි ආශ්‍රය කරන්නේ. ඒ නිසා ජීවිතේට බාහිර පුද්ගලයන් ලං නොකරගෙන ඉන්නවා නම් හොඳයි කියලා මට හිතෙනවා.
ක්‍ෂේත්‍රයෙන් ඈත් වෙන්න වෙයි කියන බයට ද තුන්වැන්නෙක් එක්‌කර නොගන්නේ.
පසුගිය කාලෙම ගෙවුණේ ඒ බලාපොරොත්තුවෙන්. දැන් ටිකක් කාර්ය බහුල නිසා ලබන අවුරුද්දේ ඒ සිහිනය සැබෑ කරගන්න බලාපොරොත්තු වෙනවා.
දැන් මෙගා නිර්මාණ අතර විතරද රඟපාන්නේ.?
මෙගා විතරක් නෙමෙයි පොඩි ඒවායෙත් රඟපානවා. ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ වැඩිපුර කෙරෙන්නෙ මෙගා. පේන්නෙ ඒ නිර්මාණවලින් විතරයි.
රංගනයට පැමිණීම ගැන අද සතුටු වෙනවද?
ඇත්තටම ඔව්. සාර්ථක පවුල් ජීවිතයක්, ආර්ථික තත්ත්වයක් සහ හොඳ සමාජ පිළිගැනීමක් ලැබුණේ රංගනය නිසා. ඒ නිසා මම මේ ක්‍ෂේත්‍රයට ගරු කරනවා සහ ආදරය කරනවා.
නිළියක් වීම තුළ ඔබ බලාපොරොත්තු වූ තැනට අද වනවිට යන්න පුළුවන් වුණාද?
නිවේදිකාවක් හැටියට ඇවිල්ලා රංගනයට පිවිසුණු මට විවිධ චරිත නිරූපණය කරන්න, ඒ තුළින් හොඳ නමක් තියාගන්න ලොකු බලාපොරොත්තුවක් තිබුණා. එහෙම බැලුවොත් වෘත්තීමය ජීවිතය පැත්තෙන් සාර්ථකත්වයක් ලබලා තියෙනවා.
ලක්‌මිණි අතුකෝරල
ඡායා – සමන් අබේසිරිවර්ධන
Post a Comment
Your comment will be visible after approval